(බන්දුල ඉලේපෙරුම)
20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය 22 වැනිදා සිය පක්ෂයේ සාමාජිකයින් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථාකරන විට කැමරාව යොමු නොකළේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් අද (24) විමසා සිටියේය.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මීට පෙර සිටි වි.ජ.මු.ලොකුබණ්ඩාර කථානායකවරයාගේ සමයේ ගත් තීන්දුවක් අනුව පාර්ලිමේන්තුවේ යම් නොසන්සුන්කාරී කලහකාරී තත්වයක දී කැමරාව යොමු කරනුයේ කථානායකවරයාට හා සෙංකෝලයට පමණක් බවට වන රීතියක් ඇතිකරගත් බවයි.
නමුත් නලීන් බණ්ඩාර මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම කියා සිටියේ එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට හා කබීර් හෂිම් මහතාට මයික්‍රෆෝන ලබාදී තිබූ බැවින් කැමරාව යොමුවිය යුතු බවයි.
නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ මිරිස් කුඩු ගසන විට, කථානායක පුටුවට මූත්‍රා කරන විට ජලය වක්කරන විට එසේ කිරීම සාධාරණ වුවත් මෙහිදී එවැනි තත්ත්වයක් නොවූ බවයි.
මේ පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම වාද කළ අතර ඒ හේතුවෙන් අද (24) සභාව උණුසුම් විය. කථානායකවරයා කියා සිටියේ සන්සුන්ව වාඩිවී සිටිනවා නම් කැමරාව ඕනෑ තරම් ලබාදිය හැකි බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විපක්ෂ නායකට කැමරාව යොමු නොකිරීම නලීන් බණ්ඩාරට ප්‍රශ්නයක් වෙයි
Don Thursday, 24 September 2020 07:08 AM
කැමරාව යොමු කරන්නේ නළුවන් දෙසට මිසක් නළු බට්ටන් දෙසට නෙවෙයි.
PereraThursday, 24 September 2020 07:01 PM
නමුත් දැන් වෙන්නේ නළු බට්ටන්ට කැමරාව යොමු කිරීමයි.
BamunuarachchiSunday, 27 September 2020 03:33 AM
හරියට හරි ඔය පොටෝ එකේ ඉන්නෙත් නළුබට්ටෙක් තමයි.
Raveendra Thursday, 24 September 2020 07:46 AM
බලය නැතිවිට අප රට "දේශපාලුවන්ට පොදුවේ සෑදෙන බයානක ලෙඩක් ඇත "....එනම් අරක නැත මේක නැත ,මගේ මුණ පාට පෙට්ටියේ දැම්මේ නැහැ අනිත් එවුන්ගේ මුණු විතරයි දැම්මේ කියමින් මර ලතෝනි දෙති. මේ එවැනිම මරලතොනියකි.
chinthaka Thursday, 24 September 2020 08:58 AM
මෙයාටත් වෙන්න තිබුණේ සුජීව සේරසිංහට වූ දේ. කට විතරයි.
Bamunuarachchi Saturday, 26 September 2020 02:42 AM
එයාගේ වීඩියෝ අපි දැකලා තියෙනවා ගස් නගින ඒවා. බයිලා කියන ඒවා බලන්න ඕනෑ නැහැ.