IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


වඳුරඹ නායයාමෙන් මියගිය කාන්තාවගේ පවුලට ලක්ෂ 10ක වන්දි

(ජේ.කේ.එල්. චාමින්ද)
 
වඳුරඹ  නාවල කෝකාවල  ප්‍රදේශයේ පස්කන්දකට යටවී මියගිය තිදරු මවගේ පවුලේ ඥාතීන්ට ලක්ෂ 10ක මුදලක් ලබාදීමට නියමිත බව බද්දේගම  ප්‍රදේශීය ලේකම් ජානක ගුරුසිංහ මහතා පැවසීය.
 
එම සිද්ධියට පෙර ඉඩමක් මිලදීගැනීම සඳහා රජය ලක්ෂ හතරක මුදලක් හා නිවසේ අත්තිවාරම දැමීම සඳහා ලක්ෂ දෙකක මුදලක් ලබාදී  ඇති බවද ලේකම්වරයා කීය.
 
මේ පිළිබඳව අප කළ විමසුමකදී ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේ ද කීවේය.

“ඇත්තටම මේ අය පදිංචිවෙලා සිටියේ අනවසර ඉඩමක. 2017වර්ෂයේ මේ කන්ද නාය ගියා. ඉන්පසුව මේ අයට මෙම ස්ථානයෙන්  ඉවත්වන ලෙස දැනුම් දීලා තිබුණා. නමුත් වසර දෙකක් යනකම්  මේ අය ඉවත්වුණේ නැහැ. 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ  තමයි එම ස්ථානයෙන් ඉවත්වන බව කියලා  දිවුරුම් පෙත්සමක් ගෙනත් දුන්නේ. හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය මේ පවුලේ අයට බද්දේගමින් ඉඩමක් ලබාදීමට කටයුතු කරලා තිබුණා. නමුත් දුර වැඩිනිසා ඒ අය  එම ඉඩම භාරගෙන නැහැ. 

එම ස්ථානයෙන්   ඉවත්වන බවට දිවුරුම් ප්‍රකාශය ලබාදුන්නාට පසු ඉඩම මිලදීගන්න ලක්ෂ 4ක මුදලක්  ලබා දුන්නා. දැනට සති දෙක තුනකට කලින් තමයි නිවසේ අත්තිවාරම දමලා තිබුණේ. ඒ සඳහා ලක්ෂ 2ක මුදලක් ලබා දුන්නා  නිවසේ වැඩකරලා පෙන්නුවාට පසු තමයි මුදල් නිදහස් කරන්නේ. තවත් ලක්ෂ 10ක මුදලක්  ලබාදීමට තියෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් තමයි මෙම මුදල වෙන් කරලා තියෙන්නේ” යැයිද ප්‍රදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
 
මිය ගිය  තැනැත්තියගේ  සැමියා වන තෙලිකඩ පල්ලියගුරුගේ නලින් වසන්ත මහතා(45) මෙසේ කීවේය.
 
 “2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 07 වැනිදා තමයි  මේ කන්ද මුලින්ම නාය ගියේ. අපට ඉවත් වෙන්න කීවා. නමුත් අපට යන්න තැනක් තිබුණේ නැහැ. නායගිහින් වසර දෙකක් ගියාට පස්සේ තමයි, ඒ කියන්නේ 2019 වර්ෂයේ මැයි මාසයේ විතර ඉඩමක් ගන්න ලක්ෂ 4ක්  රජයෙන් දුන්නා. හිතවත් අයකුගෙන් ලක්ෂ 8කට තමයි ඉඩම ගත්තේ. නිවසේ අත්තිවාරම දමන්න ලක්ෂ තුනහමාරක් විතර ගියා. දැනට  රජයෙන් ලැබිලා තියෙන්නේ ලක්ෂ  දෙකයි. මමත් නෝනාත් ඒකාබද්ධව සණසේ ගිණුමක් ඇරලා ණයක් ඉල්ලුම් කරලා තිබුණා. දැන් ණය ගන්න විදියක් නැහැ” යැයි ඒ මහතා කීවේය.



අදහස් (2)

වඳුරඹ නායයාමෙන් මියගිය කාන්තාවගේ පවුලට ලක්ෂ 10ක වන්දි

Ruhunu Wednesday, 25 September 2019 08:15 AM

රජයෙන් හැකි පමණ ඔබට උදව් කර ඇත.නමුත් ඔබ නිසි විසදුම් නොගැනීම නිසා මෙවන් ඛේදවාචකයක් වී ඇත.

:       0       13

shantha Qatar Wednesday, 25 September 2019 09:23 AM

මමත් රුහුණු මහතාගේ අදහස් වලට එකඟවෙනවා. හැම දෙයක්ම රජයෙන් දෙනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ. රජයෙන් කරන්න පුළුවන් දේ කරලා තියෙනවා. නොසැලකිලිමත්කම සහ වගකීමෙන් තොර නිසා සිදුවූ අවාසනාවන්ත මරණයක්...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site