(ඉන්දිකා රාමනායක)

මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදිත ආයතනය ගිණුමකින් ව්‍යාජ චෙක්පත් උපයෝගි කරගෙන රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සැකකරුවන් ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් ලක්ෂ 130 ක මුදලක් මූ වංචා කර ඇති බවද හෙතෙම කීය.

ඉකුත් අප්‍රේල් 12 වැනි දින මෙම වංචාව සිදුව ඇති බවත් දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයතනයේ සේවකයන්, බැංකු සේවකයන් ඇතුළු සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද අජිත් රෝහණ මහතා කීය.

සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.