IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


වෙනස්ම විදියේ එන්නතක් එනවා

'කොවිඩ් 19' වයිරසය අඩපණ කළ හැකි අලුත්ම විදියේ ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දීමට ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගමක් සූදානම් වෙයි. 'වැල්නෙවා' නමැති මෙම ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වාදෙන එන්නත නම් කර ඇත්තේ 'වැල්නෙවා - VLA2001' යන නමිනි.

මෙතෙක් නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කිහිපයකට බෙදෙයි. 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන එන්නත් එම්.ආර්.එන්.ඒ mRNA එන්නත් වෙයි. එම්.ආර්.එන්.ඒ යනු 'කොවිඩ් 19' වයිරස විෂබීජ ජානවලින් සැකැසූ කේතයක් සිරුරට ඇතුළු කරන එන්නත්ය.

දෙවැනි එන්නත් වර්ගය වන්නේ උදාසීන කළ 'කොවිඩ් 19' වයිරස කොටස් ඇතුළත් ප්‍රතිශක්තිකරණ එන්නත්ය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' සහ ඇමෙරිකාවේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' මෙම වර්ගයට අයත් වෙයි. තෙවැනි එන්නත් වර්ගය 'අක්‍රිය කරන ලද කොවිඩ් 19 වයිරස කොටස්' ඇතුළත් ප්‍රතිශක්තිකරණ එන්නත්ය. චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' මෙම එන්නත් වර්ගයට අයත් වෙයි.

ප්‍රංශයේ 'වැල්නෙවා' එන්නත, මෙතෙක් නිපදවා ඇති සෙසු එන්නත්වලින් මුළුමනින්ම වෙනස් වන්නේ, 'වැල්නෙවා' නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' සම්පූර්ණ වයිරසයම අක්‍රිය කර, ඊට ඇතුළත් කරමිනි. පෝලියෝ එන්නත් නිපදවීම කරන්නේ මෙම ක්‍රමයටය.

'මෙතෙක් නිපදවා ඇති එක එක විදියේ එන්නත්වල තිබෙන්නේ වයිරසයේ ස්පයික් ප්‍රෝටීන කොටස් හෝ ජාන කේත. කොවිඩ් 19 වයිරසය සහ එමගින් නිර්මාණය වූ විකෘති ප්‍රභේද අඩපණ කිරීම එහිදී ගැටලුවක් වෙනවා. එම එන්නත් ලබා දීමේදී ඒ බව අපට පැහැදිලිව පෙනෙනවා. සම්පූර්ණ වයිරසය අක්‍රිය කර ප්‍රතිශක්තිය නිපදවන ආකාරයටයි 'වැල්නෙවා' එන්නත සකසා තිබෙන්නේ. ඒ නිසා මෙම එන්නතේ සාර්ථකත්වය ඉහළයි' යැයි 'වැල්නෙවා' එන්නත නිපදවීමට දායක වුණු වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

'වැල්නෙවා' එන්නත සායනික පර්යේෂණවලට යොදා ගැනීම සිදුවූයේ 'ඩෙල්ටා' වැනි විකෘති ප්‍රභේද සමාජයේ ව්‍යාප්ත වෙද්දීය. ඒ අනුව, 'කොවිඩ් 19' මුල් වයිරසය ඉලක්ක කර ගනිමින් නිපදවුණු 'ෆයිසර්', 'මොඩර්නා', 'ඇස්ට්‍රාසෙනකා', 'සයිනෝෆාම්' වැනි එන්නත්වලට වඩා 'වැල්නෙවා' එන්නතේ සාර්ථකත්වය ඉහළ අගයක් ගන්නා බව සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් තිබේ.

එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා 4,000 ක පිරිසක් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා අවුරුදු 18 ට වැඩි අය යැයි ද පැවැසෙයි. සායනික අත්හදා බැලීම් ප්‍රංශයේත් මහා බ්‍රිතාන්‍යයේත් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)



අදහස් (3)

වෙනස්ම විදියේ එන්නතක් එනවා

Smart giy Friday, 19 November 2021 08:48 PM

තවත් විහිළුවක්...

:       2       0

Siri Saturday, 20 November 2021 08:42 AM

මෙය වෙනිවැල්ගැට ස්ප්‍රීතුවලින් නිපදවා ඇති බවට ආරංචියක් ඇත. ලාංකිකයින්ට වෙනිවැල්වලින් පැණියක් නිපදවන ලෙස ධම්මික වෙද මහතාට කිව්වා නම් එන්නත් අවශ්‍ය නැත...

:       4       1

Prabha Saturday, 20 November 2021 05:03 PM

ඒක වෙන්නැති වෙනිවැල් කියන නමින් වැල් කියන කොටස ඈඳාගෙන වැල්නෙවා කියලා නම දාන්න ඇත්තේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site