(ඔගස්ටින් ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හා ඇගේ සොයුරිය තවදුරටත් ලබන මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (30) නියෝග කළේය.
පසුගිය 19 වන දින ලුනුවිල සිරිගම්පල සිනෝර් හංදියේදි වෙන්නප්පුව පොලිසියේ රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට බැණ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ මන්ත්‍රිනී, සිරිගම්පල තුම්මෝදර පදිංචි වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු සහ ඇගේ අක්කා වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලී ප්‍රනාන්දු යන දෙනාවය.
මන්ත්‍රීවරියගේ පියා හා නැගණිය වන අශෝක් ප්‍රනාන්දු හා වර්නකුලසුරිය නිමාෂා නවාංජලි ප්‍රනාන්දු රුපියල් ලක්ෂ තුන බැගින් සහතික ඇප මත මුදා හැර තිබුණි.
වෙන්නප්පුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළින්ම හිරේට යවන්න.
මොන පක්ෂේ වුනත් මේ "හරකුන් එළදෙනුන්" දැනගත යුතුයි හොඳ නරක කුමක්ද කියා... හැමදාමත් දේශපාලුවන් නොහොබිනා ලෙස හැසිරෙන්නේ නම් සාමාන්‍ය ජනතාවගෙන් වැදගත් හැසිරීම් බලාපොරොත්තු වන්නේ කෙසේද? ඉදිරියටත් මොන පක්ෂෙක වුවත් දේශපාලුවන්ගේ අවජාතක ක්‍රියාවන්ට එරෙහිව සියලුම පුරවැසියන් නැගී සිටිය යුතුය.. මාර්ග නීති කඩකරන්නේ නම්ද ගල්මුල් වලින් හෝ පහරදී එයට විරුද්ධ විය යුතුමය. එය මහජනතාව තමන් උපන් මව්බිමට කරන මහඟු සේවයකි.
හරි නම් තව මාසයක් ඇතුලේ තියන්න ඕනෑ...
හොඳ පාඩම් හොඳ පාඩම්... මේවා නුඹලාට හොඳ පාඩම් /// බොහොම සුළුවෙන් විසඳගන්න තිබුණු කරුණක්.
මෙවැනි අත්දැකීම් රාශියක්ම ඇති මම ඒ අනුව මෙම තැනැත්තිය කළදේ ඉතාම නිවැරදියි කියන්න පුළුවන්. 2010 වසරේ දිනක නවක නිලධාරීන් පිරිසක් පුහුණුකිරීම් සඳහා රම්මුතුගත හා තවත් ප්‍රදේශ කීපයකට රැගෙන ගිය අපි කැලණියට ආසන්නව කඩුවෙල පාළමට ටිකක් දුරදී (අපි විශ්වාස කරන්නේ කැළණිය පොලීසිය කියලයි) අප පසුපස හඹා ආ ...නානායක නැමැති පොලිස් නිලධාරියෙක් මෙහි වාහන නැවතීමට බැහැ කියා තර්ජනය කර දඩ කොලයක්ද දීමට කාරුණික වුණා. අපි ගිය රජයේ වාහනය නතර කලේද නවතා තිබූ තවත් වාහන දෙකකට මැදිව කඩයක් ඉදිරිපිටය. එම වෙළඳසැල් හිමියාද එහි වාහන නැවතීමට බාධාවක් නැතැයි කියපු නිසාත් එහි නැවතීමත්... රියැදුරුගේ හෝ වෙනත් කිසිවෙකුගේ වරදක්ද නොවීය. එවැනි කටයුතු කරන හිස උදුම්මාගත් නිලධාරියෙක් මෙතනත් සිටියාද සැකයි.
මේ... මන්ත්‍රී ධුරය අහෝසිකළ යුතුයි.. ! මෙවැනි "පට්ටම්" නිසා තමයි මේ විදිහට ඉදිමිලා දඟලන්නේ...
පහුගිය ආණ්ඩු සමයේ නම් දූෂකයින්ටත් රාජ්‍ය ආරක්ෂාව ලැබුණා. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ජනතාවට පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න සිදු වුණා. එ්ත්, දැන් එහෙම නැහැ. මේ තැනැත්තිය අඩුම තරමේ වසරක් වත් බන්ධනාගාර ගත කළ යුතුයි. එයින් පමණක් නොනැවතී තවත් අවුරුද්දක් වත් ඇය පුනරුත්ථාපන කඳවුරක රැඳවිය යුතුයි. එසේ නොමැති වුවහොත්, පොලිසියෙන් පමණක් නොවෙයි, සමාජයෙනුත් පළි ගන්නවා.