
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග කොවිඩ් ආසාදිත බව තවදුරටත් තහවුරු වීම නිසා ඉන්දියාවට එරෙහිව මේ මස ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔහුට අහිමි වෙයි.
ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් වනිදු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
ඔහු මීට පෙර ද කොවිඩ් ආසාදිතයකු බවට පත්ව සිටියේය.
COMMENTS
අප මේ දක්ෂ දරුවාට අපහාස කරනවා හෝ ඔහුව අවතක්සේරු කරනවා නොව... මෙය කෙසේ සිදුවූයේද යන්න ගැටළුවක් ලෙස දකින්නේ අප පමණක්ද? පී.සී.ආර්. පරීක්ෂණවල අඩුලුහුඬුකමක් තිබේද? මුදල්වලට ඕනෑම බලුවැඩක් කරන "පින්වතුන්" පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් වල නිරවද්‍යතාවයට ඉහළම වටිනාකමක් ලබා දුන්නද? ලෝකයේ ක්‍රිකට් ආයතනවලින් ඉතාමත්ම ධනවත් ක්‍රිකට් ආයතනයක් තියෙන්නේත් ඉන්දියාවට බව අමතක නොකරමු.