(අංජුල මහික වීරරත්න)
කොරෝනා වෛරස් විකෘති ප්‍රභේද වලට ඉදිරියේදී ගොදුරු වෙතියි අපේක්ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම තරමින් ශ්වසන ආධාරක උපකරණ(ventilators) දෙදහසක්වත් ඉදිරියේදී සූදානම් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පැවසීය.
2019 වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා ඇතුළත් කළ වෙන්ටිලේටර් අවශ්‍යතාවය කොරෝනා ඇරැඹි මුල් අවස්ථාවේදීම යළිත් පෙන්වා දුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී වත් රජය තමා පෙන්වා දුන් කරුණු ගැන සලකා බලා වෙන්ටිලේටර් නිෂ්පාදනයට පටන් ගත්තේ නම් මේ වන විට අහිමි වෙමින් පවතින ජීවිත බේරා ගැනීමට හැකි වන බව ද සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ නායකයා මේ බව සඳහන් කළේ ඊයේ පෙරවරුවේ සුම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට පමණයි දැන් මේ රට ගොඩ ගන්න පුළුවන්.
ඔබ තමයි මේ පවට වග කියන්න ඕන , බලය දුන්නම අර හොර තක්කඩියත් එක්ක කුලල් කාගත්තා . හරියට ආණ්ඩුව ගෙනිච්චෙ නැහැ .මොකද උනේ .නීල කාස හොර රැල බලය ගත්තා . දෙගොල්ලොම එක වල්ලෙ පොල් උනාට ඔබට උන් රැලට වඩා මොලයක් කියල එකක් තියෙනව.
ඇති වෙයිද? ගාණ හරියටම හරිද?
ලංකාවේ චන්දේ දිනන්න ඕනේ නම් ජාතිවාදය ඕනේ .ඔබ තුමාට ඒක කරන්න බෑ
මෙයානේ ගණන දන්නේ
හොඳයි මහත්තයෝ කිව්ව විදියට කරන්නම් .බිල කාටද දාන්නේ ? මහේන්ද්‍රන් මහත්තයට දාන්නද ?
ඔය කියන ඒවා මේඩ් ඉන් ශ්‍රී ලංකා නේද? රනිල් කියන්නේ දේශීය පොරක්නේ...
අවශ්‍ය ප්‍රමාණයට ICU ඇඳන් නැතිව, වෙන්ටිලේටර්ස් කම්මලේ මයිනහමට ගන්නද?
බලේ තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ. ඔයත් ඔච්චර තමයි.