(දයාරත්න ඇඹෝගම)
කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබානොදිමට විරෝධය පළ කරමින් වනජීවි නිලධාරින් අද (07)සිට ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්ව සිටිති.
වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කේෂ්‍ත්‍ර සහායක,වනජීවි නියාමක,අඩවි සහකාර යන නිලධාරින් 900 කට ආසන්න පිරිසක් අද (07)දින සිට රාජකාරි වලින් ඉවත්ව සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ථ ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ඒ.ආර්.පි.ඒ.කරුණාරත්න මහතා පැවසිය.
තමන් මේ සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාටද ලිඛිතව දැනුම් දි ඇති බව ද සදහන් කළ සභාපතිවරයා කොවිඩ් එන්නත ලබාදෙන තුරු කාර්යාල සේවයේ පමනක් රාජකාරයේ නිරත වන බවද සදහන් පැවසිය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.