IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වනජීවී නිලධාරීන්ට ගෙවන වන්දි මුදල වැඩි කෙරේ

(අජන්ත කුමාර අගලකඩ)

රාජකාරියේදී මියයන හෝ තුවාල ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ගෙවන වන්දි මුදල වැඩි කිරීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර ඇත.

රාජකාරියේදී මිය යන වනජීවී නිලධාරියා විවාහකයෙකු නම් රුපියල් ලක්ෂ තුනක මුදලක් ද , අවිවාහකයෙකු නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ඔහුගේ පවුලේ අයට දැනට ගෙවනු ලැබේ.

නව කොරෝනා යටතේ එම වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩි කිරීමටත් අවමංගල්‍ය වියදම් ලෙස රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවීමටත් යෝජනා කර ඇත.

තුවාල ලබන නිලධාරීන් රෝහල් ගත වීමකදී දිනකට රුපියල් 5000 බැගින් රුපියල් හැත්තෑ පන්දහසක උපරිමය දක්වා මුදලක් ද වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක උපරිමය දක්වාද ගෙවීමට යෝජනා වී තිබේ.

පූර්ණ දුබලතාවක්ට පත්වන නිලධාරීයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක්ද අර්ධ දුබලතාවකට පත්වන නිලධාරියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 කට වන්දියක්ද ගෙවීමට යෝජනා වී තිබේ.

එම වන්දි මුදල් වැඩි කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඇමැති එස්.එම් චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලයට යොමු කරනු ලැබ ඇත.



අදහස් (3)

වනජීවී නිලධාරීන්ට ගෙවන වන්දි මුදල වැඩි කෙරේ

Mahee Tuesday, 03 March 2020 06:53 PM

හෙන්චයියලාගෙන් බැනුම් ඇහීම වෙනුවෙන්, අපහාස විඳීම වෙනුවෙන්, ප්‍රසිද්ධියේ කෝචෝක් කිරීම වෙනුවෙන්, 'මං නොහිටින්න' වැනි අනියම් මරණ තර්ජන වෙනුවෙන් සහ "අපි හොඳ වැඩක් කරන්න ගියහමද පරිසරේ මතක් වෙන්නේ" වැනි කොහිල කටු ඇනීම වෙනුවෙන් වන්දි ගෙවන්නත් අවශ්‍ය නීති හැදුවා නම් තමයි හොඳ.

:       0       0

Perera Wednesday, 04 March 2020 12:20 AM

ඔන්න 2/3 ලබාගැනීම පිණිස තවත් ඡන්ද ගුන්ඩුවක්. ඕවයේ ඇත්ත නැත්ත බලාගන්න වෙනකොට ඡන්දෙ ඉවරයි.

:       2       113

සිසිල් සුදේශ් Wednesday, 04 March 2020 07:46 AM

ගුටිකන නිලධාරීන්ට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site