(චාපා මධුභාෂිණි සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)

සෝමාවතිය පල්ලියගොඩැල්ල පුංගාවනපිටියේ අනවසරයෙන් ගවපට්ටි පවත්වාගෙන ගිය පිරිසක් අත්අඩංගුවට ගෙන රැගෙන එද්දී ගම්වාසීන් 50ක් පමණ පිරිසක් පැමිණ සෝමාවතිය ජාතික වනෝද්‍යාන නිලධාරීනට පහරදී මාංචු දමා සිටි එක් සැකකරුවකු මාංචු පිටින්ම රැගෙන ගිය බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි  මීගස්වැව පොලිසිය කියයි.

ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ බව කියන සෝමාවතිය උද්‍යාන බාරකරු සහ වනජීවි නිලධාරීන්ගේ පහරකෑමට ලක් වූ බව කියන ගෙවීන් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

සෝමාවතී වනෝද්‍යාන නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (14) පස්වරුවේ වනෝද්‍යානය තුළ සිදු කළ වැටලිමකදී කිරිගොවි පට්ටි පවත්වාගෙන යමින් ස්ථීර වාඩි තනාගෙන සිටි ගොවීන් අට දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඒ අවස්ථාවේ එම ස්ථානයට ආ පිරිසක් නිලධාරිනට පහරදී එම පිරිස මුදාගෙන ගිය බව ද වනෝද්‍යාන නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

(ඡායාරූප ඩබ්ලිව්.ඒ.පියතිලක)