(විනීතා එම් ගමගේ)
ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ඇතත් පුහුණුව ලබා නැත්නම් යළි විදේශ ගත වන විට පුහුණු විය යුතුයැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් නිසා තමන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී ඇතැයි විදේශ රැකියා ඒජන්සි හිමියෝ පවසති.
ගෘහසේවිකාවක ලෙස විදේශ රටක සේවය කර ඇත්නම් පුහුණුවක් අවශ්‍ය නොවන බවට මෙතෙක් පැවැති නීතිය වෙනස් කරමින් ඉකුත් 12 වැනිදා නිකුත් කර ඇති නව චක්‍රලේඛය පසුදින සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබූ බව බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමයේ සභාපති ඒ එම් ඒ හසීම් මහතා ලංකාදීපයට පැවැසීය.
එයින් ප්‍රශ්න රාශියක් පැන නැගුණු බැවින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා වෙත කරුණු දැක්වූ බවත් අමාත්‍යවරයා නව චක්‍රලේඛය මේ මස 30 වැනිදා දක්වා කල් දමා දුන් බවත් කී හෂිම් මහතා මෙම චක්‍රලේඛ්‍ය සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස තම සංගමය ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
නව චක්‍රලේඛයෙන් සිදුවන්නේ හොරු ඇල්ලීම නොව තව තවත් හොරුන් බෝවීම යැයි කී සභාපතිවරයා මෙයින් සිදුවන්නේ විදේශ රැකියා කේෂත්‍රය කඩා වැටීම යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වැටුප් ගන්නෙත් ඔය මිනිස්සු හම්බකරලා අපේ රටට එවන තුට්ටුදෙකට පින්සිද්ද වෙන්න. ඒ මදිවට ඒ මිනිස්සුන්ටමයි නීති දාන්නෙත්...
ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ලබා තියෙනවා නම් ලංකාවේ ඉඳලා දෙන ඔය පුහුණුව නිකම් පුස්සක්. අවුරුදු 2ක් හෝ ඊට වඩා වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා නම් ඔය පුහුණුවේ ඇති වැඩේ මොකක්ද? රට එන කට්ටියගෙන් තවත් ගානක් කඩා ගන්න වගේම ඒ අය ගෙවල්වල ඉන්න සුලු කාලය තවත් අඩු කරන මෝඩ තීරණයක්...
ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ලබා තියෙනවා නම් ලංකාවේ ඉඳලා දෙන ඔය පුහුණුව නිකම් පුස්සක් විතරයි.
සනීපද දැන්
අපගේ රටට ලැබෙන විදේශ විනිමය තවත් පහතට අැද දමන විදේශ ගතවන අයට කරන වින කරන වැඩ සකසන බලධාරින්ට අමතක වෙලා ඔවුන් වැටුප් ලබන්නේ විදේශ ගතවන අයට පිං සිද්ද බව කවුරු කරත් මේවා වැරදි තිරණ
අවුරුදු ගානක් වැඩ කරපු කෙනෙක්ට ලංකාවෙන් දෙන්න පුහුණුවක් තියෙනවද ඒ කෙනා හොදම පුහුණුව ලබලා තියෙද්දි. ඇයි එහෙම රට ගිහිල්ලා පොඩි පඩියක් ගන්න ගෘහ සේවිකාවන්ගෙන් සල්ලි ගන්න හදන්නේ ඒක අසාධාරණයි නේද ඔය සේවකයන්ටත් පඩි ගෙවන්නෙ ඒ අහින්සකයො එවන මුදලින්. අනික රටට එන කෙනා නිවාඩු ඉවර කරල ආපහු එන්න පරක්කු උනොත් ඒ රස්සාව නැතිව යනවා කෝස් කරන්න නතර උනොත් ඒ ගැනත් හිතන්න වෙනව
ඔය නීතිය දාන්න මුලින්ම ගෘහ සේවයට යන කාන්තාවන්ට...