( තිළිණි ද සිල්වා )

විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

මේ වන විට විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් බැංකු යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව ද මහ බැංකුවපෙන්වා දේ.

එබැවින් ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි ද ශ්‍රි ලංකා මහබැංකුව කියා සිටී.