(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවම සුදුසුකම් නොමැති විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිසකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි යන්න පිළිබඳව සොයාබලන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිස මේ වනවිට රෝහල්වල වෛද්‍ය සේවයේ නිරතවෙමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර තිබේ.
COMMENTS
සමහරක් විදේශ උපාදිධාරින්ගේ දැනුම පිලිබඳ ප්‍රශ්න තියනවා.
ලංකාවේ අයට පුද්ගලික විශ්ව විද්‍යාල හොඳ නෑ පිට රටින් එන අයට හොඳයි. කුහකයෝ මේවටත් විරුද්ධ වෙන්න පුළුවන්නම්
ජීව විද්‍යා අංශයේ උපෙළ නොකල අයත් දැනටමත් විදෙස් උපාධි සහිතව වෛද්‍යවරුන් විදිහට සේවය කරනවලු. සයිටම් තමයි හොඳ නැත්තේ ?