(ටී.කේ.ජී.කපිල )
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (02) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු සතුව තිබූ ගමන් මල්ලේ රුපියල් 6,090,400 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 33,100 ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd