IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


විදේශ ඇමති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වෙයි

( තිළිණි ද සිල්වා )

බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු වී ද්විපාර්ශිවික  සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඩකා නුවර පිහිටි බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී  ලංකාව ලබා ඇති සාර්ථකත්වය හා  ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ගැටළු පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේ ය.

නිල මට්ටමේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති දෙරට අතර වරණීය වෙළඳ ගිවිසුමක් කරා එළඹීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සහ නාවික ක්ෂේත්‍රයේ සහයෝගිතාව කෙරෙහිද මෙම හමුවේදී  විශේෂ අවධානයක් යොමු වූ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

පුළුල් ඩිජිටල්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට සහ ගොවීන්ගේ උපයෝජ්‍ය ආදායම ඉහළ නැංවීමට තම රජය ගෙන ඇති මුලපිරීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවේ විස්තර කළා ය.

කොළඹ සහ ඩකා නුවර අතර ගුවන් සම්බන්ධකතා වැඩි දියුණු කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA)  උපසභාපතිත්වය  භාර ගැනීම සඳහා මෙරට විදේශ අමාත්‍යවරයා ඉකුත් සදුදා (15)  ඩකා නුවරට පැමිණියේ ය



අදහස් (5)

විදේශ ඇමති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වෙයි

Rhuhunu Thursday, 18 November 2021 03:35 PM

ඔය වෙලාවේ ගෘහ සේවක සේවිකාවන් එහෙම ඕනද කියලා ඇහුවානම් නේද හොඳ.?

:       0       0

Nuwan Thursday, 18 November 2021 04:08 PM

අවුරුදු 2500 එහා ලිඛිත ඉතිහාසේ තියෙන රටේ දශක කීපයකට කලින් පිහිටපු රටකින් ණයක් ගන්නවා.

:       0       0

Bandula Thursday, 18 November 2021 09:21 PM

දැනටමත් ණයක් අරගෙන නේ ,තියෙන්නේ තවත් නායක ගන්න උත්සාහ කරලා බලන්න

:       0       0

chandima Thursday, 18 November 2021 09:55 PM

තවත් කීයක් හරි කඩා ගන්න වගේ යන්නේ

:       0       0

Shashika Friday, 19 November 2021 10:13 AM

ණයක් දෙන්න හසීනා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site