
( තිළිණි ද සිල්වා )
බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු වී ද්විපාර්ශිවික සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඩකා නුවර පිහිටි බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය හා ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ගැටළු පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේ ය.
නිල මට්ටමේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති දෙරට අතර වරණීය වෙළඳ ගිවිසුමක් කරා එළඹීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සහ නාවික ක්ෂේත්‍රයේ සහයෝගිතාව කෙරෙහිද මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු වූ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
පුළුල් ඩිජිටල්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට සහ ගොවීන්ගේ උපයෝජ්‍ය ආදායම ඉහළ නැංවීමට තම රජය ගෙන ඇති මුලපිරීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවේ විස්තර කළා ය.
කොළඹ සහ ඩකා නුවර අතර ගුවන් සම්බන්ධකතා වැඩි දියුණු කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) උපසභාපතිත්වය භාර ගැනීම සඳහා මෙරට විදේශ අමාත්‍යවරයා ඉකුත් සදුදා (15) ඩකා නුවරට පැමිණියේ ය

COMMENTS
ඔය වෙලාවේ ගෘහ සේවක සේවිකාවන් එහෙම ඕනද කියලා ඇහුවානම් නේද හොඳ.?
අවුරුදු 2500 එහා ලිඛිත ඉතිහාසේ තියෙන රටේ දශක කීපයකට කලින් පිහිටපු රටකින් ණයක් ගන්නවා.
දැනටමත් ණයක් අරගෙන නේ ,තියෙන්නේ තවත් නායක ගන්න උත්සාහ කරලා බලන්න
තවත් කීයක් හරි කඩා ගන්න වගේ යන්නේ
ණයක් දෙන්න හසීනා...