( තිළිණි ද සිල්වා )
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.52ට ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලයේ සාමාජික රටවල් අමතමින් කරුණු දක්වන අතර එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන හෙතෙම අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කවුන්සිලයේ සාමාජික රටවල් අමතන බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
තවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයේ සභාගත කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පිළිතුරු දැක්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා විසින් එදිනම සිදු කරන බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ වූ අතර ලබන මාර්තු 23 වැනිදා තෙක් එම සැසිය පැවැත්වෙනු ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදේශ ඇමැති අද රාත්‍රියේ ජීනීවා සැසිය අමතයි
බණ්ඩා Tuesday, 23 February 2021 06:41 AM
අමතලා කරයි මගුලක්.... දැන් වැඩේ ජෝන් බාස්ට ගිහින් තියෙන්නේ. ඉල්ලගෙන කන එක ෂුවර්...
චාන්දනී Tuesday, 23 February 2021 09:10 AM
ඊයේ ඉඳලා මෙයාට උණ, හෙම්බිරිස්සාව, වමනේ සහ පාචනය හැදිලාලු. ඔන්ලයින් යන්න ටොයිලට් එකේ වීඩියෝ කැමරාවක් හයිකරලාලු. ජාතිවාදය වපුරලා අන්තිමට ඉල්ලන් කන්න වගෙයි හදන්නේ. අනේ සිංහල දෙමළ, මුස්ලිම්.. අපි ඔක්කොගේම රට විනාශකරපු නීච දේශපාලුවන්ට හෙන හතම ගහන්න ඕනෑ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 10:06 AM
අමතයි.. අමතයි.. අමතලා මෙන්න කියලා කරලා දායි... "ලූලා නැති වලට කණයා පණ්ඩිතයා" කිව්වලු..
Puppa Tuesday, 23 February 2021 10:11 AM
බොරු කියලා අපි ඔක්කොම අමාරුවේ දානවා.
Perera Tuesday, 23 February 2021 05:54 PM
මෙයා ලංකාව ඇතුලේ බොරළුගොඩ සිංහයා වෙන්න හැදුවට රටින් පිට බොරළුගොඩ පූස් පැටියා වගේ..
karuFriday, 26 February 2021 10:44 AM
ඒ ඒකාලේ හිටපු සිංහයෝ. මෙයා ඒ තරම්වත් වටිනවද...?