IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


විදේශීය හමුදා භටයින් නෙරපා හරින්නැයි ඉරාක මන්ත්‍රීවරු ඉල්ලති

ඇමෙරිකානු හමුදා ඇතුළු විදෙස් හමුදා රටින් පිට කිරීමට ආණ්ඩුවට බල කරමින් ඉරාක පාර්ලිමේන්තුවේදී අද (5) යෝජනාවක් සම්මත කරගත්තේය.

පසුගිය සිකුරාදා ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී මිය යෑමත් සමඟ මැද පෙරදිග කලාපය උණුසුම් වී තිබේ.

ඇමෙරිකානු හමුදා බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් ඉරාන විපල්ව හමුදා බළකයේ ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියා වූ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඇතුළු ඉරානයේ සහ ඉරාකයේ සන්නද්ධ හමුදා කල්ලි නායකයෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ජෙනරාල්වරයා මරුමුවට පත්වීමත් සමඟ ඇමෙරිකාවෙන් පළිගන්නා බවට  ඉරානය අනතුරු ඇඟවීය.

ඉරාකයේ සහ මැද පෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල වීමේ අවදානමක් නිර්මාණය වී තිබෙන අතර ඉරිදා පස්වරුව වනවිටම බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට සහ ඇමෙරිකානු හමුඳා රැඳී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් සහ මෝටාර් ප්‍රහාර එල්ල විය.

මෙම අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඉරාක විදේශ අමාත්‍යාංශය එරට සිටින ඇමෙරිකානු තානාපතිවරයා කැඳවා ප්‍රහාරය හෙළා දැක තිබිණි.

ඊට අමතරව භාරකාර අග්‍රාමාත්‍ය අදෙල් අබ්දෙල් මහ්දිගේ සහභාගීත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවා තිබිණි. එහිදි ඇමෙරිකානු ප්‍රහාරය දැඩි විවේචනයට ලක්වූ අතර ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ ඝාතනය “දේශපාලන ඝාතනයක්” යනුවෙන් ද නම් කළේය.

ඉරාකයේ සිටින සියලු විදේශීය හමුදා එරටින් පිටව යා යුතු බවටද එහිදි යෝජනාවක් සම්මත කරගැනුණි. ඊට පක්ෂව මන්ත්‍රීවරු 168 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. ඉරාක පාර්ලිමේන්තුව ආසන 329කින් සමන්විතය.

ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානයේ නැවත නැඟි සිටීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු සොල්දාදුවන් 5,200කට ආසන්න පිරිසක් ඉරාකයේ හමුදා කඳවුරුවල රැඳී සිටිති.

අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජය 2014 වසරේදී විදෙස් හමුදාවලට ආරාධනා කළේය. ඒ අනුව පුළුල් ජාත්‍යන්තර සන්ධානයක් ස්ථාපිත කරන ලදි.

“අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් කරන්න ජාත්‍යන්තර සන්ධානයට එන්න යැයි කියමින් ඉරාක රජය කළ ඉල්ලීම අවලංගු කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළා” යැයි කතානායක මොහොමඞ් හල්බුසී පැවැසීය.  

ඕනෑම තීරණයක් කැබිනට් මණ්ඩලයේදී අනුමත විය යුතුයි. එහෙත් අග්‍රාමාත්‍යවරයා මීට පෙර මෙම තීරණයට සහයෝගය පළ කර තිබේ.

“අපට තෝරාගැනීම් දෙකක් තිබෙනවා. විදෙස් බළඇණි ඉක්මනින් රටින් පිට විය යුතු යැයි ඡන්දය භාවිත කිරීම. එහෙම නැතිනම් පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළින් ඔවුන්ගේ බලය නැවත වරක් විමසා බැලීම” යැයි ඉරාක පාර්ලිමේන්තුවේ කතානායකවරයා කීය. 

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (3)

විදේශීය හමුදා භටයින් නෙරපා හරින්නැයි ඉරාක මන්ත්‍රීවරු ඉල්ලති

beau Sunday, 05 January 2020 08:03 PM

දැන් පේනවා නේද? ඕක තමයි අපි කියන්නේ MCC හරහා හරි වෙන ක්‍රමේකට හරි අමෙරිකන් කාරයින් මේ රට ඇතුළට ගන්න එපා කියලා. ඔවුන් මෙතන ආවොත් රටත් ගිනි තියනවා. එළවන්නත් බැරි වෙනවා. ලංකාවාසීන්ට එතකොට අබ සරණත් නැත. ඉන්න රටකවත් නැත.

:       0       5

රවින් Monday, 06 January 2020 01:45 AM

මුළුලොවම ඇස් හොඳින් ඇරගෙන කන් අයාගෙන අවධානය යොමුකළයුතු කාරණාවක්. විශේෂයෙන්ම සියලු ශ්‍රී ලාංකිකයින්. අපට (හා ලොවට) දේශනා කරන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය යන වචනවලට දෙන අර්ථකථනයන්...

:       0       5

NuwanMonday, 06 January 2020 05:39 AM

සහතික ඇත්ත හොඳ අදහසක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රයෝගික බවේ නිර්වචනය බලාගන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site