IMG-LOGO

විදේශීය ශ්‍රමිකයන්ට සේවා සැලසීම සඳහා නව ජංගම යෙදවුමක්

(ඩයනා උදයංගනී)

විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ය slbfe e connect යනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත.

මෙතෙක් කල් විදෙස් ශ්‍රමිකයන්ට ඒජන්සිවල නීත්‍යානුකූලබව, රැකියා ඇබෑර්තු ආදිය පිළිබඳ දැනගැනීමට හා පැමිණිලි යොමුකිරීමට හැකිවූයේ දුරකතන ඇමතුම් හා www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ පමණක් වන අතර, ඔවුන්ට නව තාක්‍ෂණය යොදාගනිමින් ඉතා උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ජංගම යෙදවුම හඳුන්වා දී ඇත.

මෙම ජංගම යෙදවුම මගින් සේවා ලබාගැනීම සඳහා පළමුය එය ජංගම දුරකතනයට බාගත කරගත යුතු අතර, ඉන්පසු තමන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර එහි ලියාපදිංචි වී සේවාවන් ලබාගත හැක.

තමා සේවය කරන ස්ථානයේ හෝ රැකියාවේ ප්‍රශ්නයක් තිබේ නම් පැමිණිලි කිරීම, යෙදවුමේ ලියාපදිංචි වී සිටින සියලුම පරිශීලකයන්ට එකවර පණිවුඩය යැවිය හැකිවීම, කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන හා එම ආයතනවල වලංගුභාවය සම්බන්ධ තොරතුරු ලබාගත හැකිවීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සඳහා කරනු ලබන බඳවාගැනීම් වෙනුවෙන් අයදුම්කිරීමට හැකිවීම, කාර්යාංශය මගින් නිකුත් කරන ප්‍රවෘත්ති මෙම යෙදවුම හරහා දැකගත හැකිවීම ආදී සේවා රැසක් මෙමගින් සළසා ගත හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි.

විදෙස්ගත රැකියාවක නිරතව සිටියදී යම් ගැයලුවක් ඇතිවුවහොත් විසඳුම් ලබාගැනීමට මෙය ඉතා වැදගත් බව කාර්යාංශය කියයි.

ඉදිරියේදී මෙම සේවාවන් තවදුරටත් පුළුල් කරමින් විදේශ රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වන්නන්ට ලියාපදිංචිවීමට හා ලියාපදිංචිය අලුත්කරගැනීමට පහසුකම් සළසා දෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



අදහස් (0)

විදේශීය ශ්‍රමිකයන්ට සේවා සැලසීම සඳහා නව ජංගම යෙදවුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site