IMG-LOGO

විදුලි ඇමැති පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලයි

(රංජන් කස්තුරි)

විදුලිය කැපීමට සිදුවීම සම්බන්ධයෙන් තමා පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදුලි බල , බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.

සොබාදහමේ වෙනස් කම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා ලෙස තමාට කල හැක්කක් නැතැයිද ඇමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඇමැතිවරයා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති එම සටහනේ මෙසේද සඳහන් වේ.

    ‘‘අපට දැන් විදුලිය හිඟයක් පවතිනවා.මට ඒක හංගන්න අවශ්‍ය නැහැ.මණ්ඩලයේ ඉංජිනේරුවෝ විදුලි කප්පාදුවකට යමු කියලා මට කිව්වේ මීට කාලයකට කලින් .ඒත් මමයි ඒක වළක්වා ගත්තේ.දැන් මට එහෙම බලපෑම් කරන්න බැරි මට්ටමකට මේක අර්බුදයක් වෙලා.විෂය භාර අමාත්‍යවරයා  විදිහට මම ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.

සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මට කිසිදෙයක් කරන්න බැහැනේ.මම අමාත්‍යාංශය බාර අරන් දින 71 කින් අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.

මේ මට සුදානම් වෙන්න කලින් අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා.ඒ අයට තිබුණා විකල්ප වලට යන්න.ඒත් හැමෝම කරලා තිබුණේ ප්‍රශ්න වලට පැලැස්තර දාපු ඒක විතරයි.මගෙන් පස්සේ එන තවත් කිසිම අමාත්‍යවරයකුට මේ වගේ ප්‍රශ්න ඇති නොවන විදිහට කටයුතු කරනවා ‘‘ යැයිද ඇමැතිවරයාගේ ෆේස්බුක් සටහනේ සඳහන් වේ.



අදහස් (17)

විදුලි ඇමැති පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලයි

dias Thursday, 28 March 2019 02:10 PM

ඔය විදියට සමාව ඉල්ලන්ට ඇමති කෙනෙක් ඉන්ට ඕනෙද? ඕක මටත් කරන්ට පුළුවන්නේ.

:       1       147

anura Thursday, 28 March 2019 02:15 PM

සමාවක් ගත යුත්තේ තමන් හෝ වෙන කෙනෙක් කරපු වැරද්දක් වෙනුවෙන්. ඒක නිසා එම වැරැද්ද ප්‍රසිද්ධියේ කියලා සමාව ගන්න. ඒත් හැම වැරද්දකටම ජනතාව සමාව දේවී යැයි බලාපොරොත්තු වෙනවා නම් ඒක මුලාවක්.

:       0       13

chamath Thursday, 28 March 2019 02:16 PM

සමාව ඉල්ලන්න එපා ඉල්ලා අස්වෙන්න අපේ සුබ පැතුම්

:       0       276

Mudali Thursday, 28 March 2019 02:40 PM

සමාව ඉල්ලීම මනුෂ්‍ය ගුණයක්. සමාව දීම දේව ගුණයක්. ඒ වුනාට ඇමතිතුමා සමාව ඉල්ලන්නට දක්වන හේතුව මොන තරම් සාධාරණද යන්න විමසිය යුත්තක්… මණ්ඩලයේ ඉංජිනේරුවෝ විදුලි කප්පාදුවකට යන්නට කියල යෝජනා කරන කාලයේ ඔබ නිකම් වීරෝදාර කතා පැවැත්තුවා මතකයි...ඒ කතා දේශපාලනිකයි...ඒ කතා වෙනුවට ජනතාවගේ ගැටළු ගැන හිතල කටයුතු කරලා තිබුණ නම් මෙම ප්‍රශ්නය මේතරම් උග්‍ර වන එකක් නැහැ... තමාට වගකීමක් පැවරෙන්නේ සෙස්සන්ට වඩා තමා හැම අතින්ම උසස් නිසාය කියල හිතාගෙන ඔලුව උදුම්මවා ගන්නවා වෙනුවට පැවරෙන වගකීම නිහතමානීව ඉටුකරන්නට පෙළෙඹෙනවනම් මේ තරම් ගැටළු ඇති වෙන්නට ඉඩ නැහැ ...

:       10       77

Hafeel Thursday, 28 March 2019 02:59 PM

දැන් මතක තියනවනේ. ඔය කියන්නේ හිටපු අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා විකල්ප වලට යන්න.

:       0       30

pradeep Thursday, 28 March 2019 03:19 PM

ඔබතුමා කටයුතු කලයුතු වෙන්නේ ඊළඟ ඇමතිට ගැටළුවක් වීම වැලැක්වීමට නොවේ. ජනතාවට ගැටළු ඇතිවීම වැලැක්වීමටයි. ජනතා සේවය එයයි. ඔබතුමාට ජනතා මුදලින් වැටුප් ගෙවන්නේ ජනතා සේවයටයි.

:       0       39

Raveendra Thursday, 28 March 2019 03:45 PM

මොහු මිට පෙර බාරව හිටිය කිසිම ආයතනයක්, දෙපාර්තුමෙන්තුවක්, මණ්ඩලයක් ගොඩ අවේ නැති බව සියලුම පුරවැසියන් හොදින් දන්නවනේ. ඉතින් ඒවා මගින් සිදුවුනු සහ රටට වෙච්ච හානිවලට කිසිදින සමාව ගත්තේ නැති මොහු දැන් මේ තකහනියක් මහජනතාවගෙන් සමාගන්නේ යටි අරමුණු සියදහස් ගණනක් තියාගෙන නේද??

:       0       256

MaheeFriday, 29 March 2019 08:42 AM

රවීන්ද්‍ර මහතා ඔබ හරි, කලින් කරපු ඒවාටයි මෙයා සමාව ඉල්ලන්න ඕන. බැඳුම් කර වංචාවට, අර හාදයගෙන් දස ලක්ෂයක ගෙයක් ලැබිලත් දන්නේ නැහැ කියල කෙප්ප ඇද බෑම වැනි දේටයි පළමුවෙන් සමාව ගත යුත්තේ. ඒවා ස්වභාව ධර්මය කරපු දේවල් නෙමෙයිනේ.

:       0       0

Karuwaladaasa Friday, 29 March 2019 12:26 AM

කාලෙකට ඉස්සෙල්ල කරුවල ජයසුරියත් ඔය කතාවම කිව්වා. ආයේ කවදාවත් විදුලි අර්බුදයක් එන්නේ නැහැ කිව්වා . කටවල් නම් තියෙනවා

:       0       15

Keppetipola Friday, 29 March 2019 01:18 AM

ලැජ්ජාවක් නැති මනුස්සයෙක් මෙයා...

:       0       0

Sunil Friday, 29 March 2019 02:10 AM

ලොකුම මගඩිය ගැන සමාව ඉල්ලන්නේ නැත්ද?

:       0       4

Raveendra Friday, 29 March 2019 03:16 AM

ඉඩමේ හතර මායිම නොදත් බුරුව මෙමය.. බැංකු,සුවිප්,සතොස ගිල්ලා.. විදුලියටත් "කරන්ට්" වැද්දුවා ..

:       0       6

upul Friday, 29 March 2019 04:02 AM

මට තිබෙන ප්‍රශ්ණෙ සොබා දහම කරන්නෙත් ජනතාව දඩුවම් දෙන එක... ඒත් ඔහුට සොබා දහමෙන් දඩුවමක්වත් නැහැ...

:       0       5

දිලුම් Friday, 29 March 2019 04:29 AM

සමාව ඉල්ලා තම ප්‍රතිරූපය ගොඩනගාගන්න උත්සහ කරනවා ඇති. මෙයාල තාමත් හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු රැවටෙනවා කියල. මුළු රටම කාල කාල දැං එනව සමාව ඉල්ලන්න.

:       0       1

pububu Friday, 29 March 2019 06:06 AM

වැඩක් කරන්න බැරි හා දන්නේ නැති අය මොනවට තියාගන්නවද? රට විනාස නොකර කරන කෙනෙකුට කරන්න දීල ඉල්ලා අස් වෙනවනම් තමා හොද.

:       0       0

mangala Friday, 29 March 2019 06:42 AM

ඊළගට එන කෙනත් කියන්නේ ඕකම තමයි.

:       0       0

Bandara Friday, 29 March 2019 08:15 AM

හොරු අල්ලන්න ආවේ මෙයාලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 69 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site