රංජන් කස්තුරි
අලුත් අවුරුදු දිනවලදී රටපුරා කිසිදු ස්ථානයක විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා කීය.
විදුලිය අර්බුදය පවතින්නේ තවත් දින 10 ක් පමණ කාලයක් පමණක් යැයි ද ඉන්පසුව ගැටළුව විසදෙනු ඇති බව රවී කරුණායක මහතා පැවසීය.
රාත්‍රී කාලයේ විදුලිය භාවිතා කිරීම සීමා කරන්නනැයි කළ ඉල්ලීමට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙන බවද රාත්‍රී කාලයේ දී පැවැති විදුලිය ඒකක 3600 ත් 3700 ත් අතරවූ ඉල්ලුම මේ වන විට ඒකක 3200 පමණ දක්වා අඩුවී ඇතැයි ද ඔහු කීය.
ඉදිරියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර 7 ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකකුත් සුර්ය සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කර ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 500 ක් අලුතින් එකතු කරන බවද ඔහු කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.