IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදුලිසැර වද්දවා අලියකු මැරී යැයි අයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාදමන ප්‍රදේශයේ ගෙවත්තක් වටා ඇද තිබු විදුලි රැහනක ගැටිමෙන් අවුරුදු 45 ක් පමණ වයසැති වන අලියෙකු මිය යාමේ සිද්ධියට 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව  රිටිගල අඩවි ආරක්ෂක නිලධාරි එම්.ටි.පුෂ්පකුමාර මහතා පැවසිය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමල්පුර,සියඹලාගස්දමන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සිය ගෙවත්තේ සිටුවා ඇති භව බෝග වන අලීන් ගෙන් ආරක්ෂාකර ගැනිම සදහා ගෙවත්ත වටා අනවසර විදුලි රැහැනක් යොදා තිබියදි  ඊයේ (20)දින අලුයම වන අලියෙකු ගැටි මිය ගොස් සිටියදි රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබුණි.

වයස අවරැදු 45 පමණ වන මෙම වන අලියා අඩි 10 කින් පමණ උසින් යුක්තය. වන අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදුකළ අතර එහිදි වන අලියා මිය යාමට හේතුව විදුලිසැර වැදිමෙන් බවට නිගමනය කොට තිබේ.මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු ගෙවත්තේ හිමිකරැවා අද (20)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

 



අදහස් (0)

විදුලිසැර වද්දවා අලියකු මැරී යැයි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site