(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතකු වන නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත්කිරීම, විශ්‍රාමිකයෙක් වන නව සාමාන්‍යාධිකාරීවරයා ඇමරිකානු සමාගමක් සමඟ අස්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ පුද්ගලයා මෙන්ම ඔහුගේ සේවා කාලයේ කටයුතු පිළිබඳව ද ගැටලු තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකයෙක් කීය.