(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි
වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත් කිරීම සඳහා ලබාදී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන් අද (11) එම පොලිස් භූමිය වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
එම අවස්ථාවේදී එම රාජකාරිය භාරව සිටි කොස්තාපල්වරයා නව ගොඩනැගිල්ල ඉඳිකරන පරිශ්‍රය ට බාහිරව තිබෙන අනෙකුත් ගස්ද දැව සංස්ථාවේ සේවකයන් ලවා කපා ඉවත් කිරීමට කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි
රාජකාරි කටයුත්තක් සඳහා පැය කීපයක් පිටතට ගොස් සිටි ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ තිබෙන සියලුම ගස් කපා ඉවත් කර තිබෙන අයුරු දැක කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා දොස් පවරා තිබූ බව එම ආරංචි මාර්ග පවසයි
එහිදී ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වූ කොස්තාපල්වරයා නිල කාමරෙන් පිටතට පැන "කෝ ගනින් ගිනි අවියක් මූට වෙඩි තියන්න" යැයි පවසමින් චෝදනා ගාරය තුළ ගිනිඅවි බහා තිබෙන ආරක්ෂිත පෙට්ටිය අසලට ගොස් එය විවෘත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
එහිදී සෙසු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයාව බැරැක්කය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පළාගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
පලාගිය කොස්තාපල්වරයා යක්කලමුල්ල පදිංචිකරුවෙකි
වඳුරඹ පොලීසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
රට යන අත.සුභ අනාගතයක පෙර නිමිති.
එයා ආයුධයක් ඇතිව සේවයක් කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයිනේ... වැරැද්දකුත් කරලා ඒක වහන්න ඝාතනයකුත් කරන්න හදලා...
අවවාදයක් දොසක් විඳගන්න බැරි සමාජයක්! අවවාදයක් දුන්නොත් ඇඟට එන එක කලාවක් වෙලා, ඒකයි වැරදි කරන අය දිගටම එකම වරද කරමින් ඉන්නෙ, පාරෙ කෙල ගහන කෙනෙකුට එපා කියන්න පාර උඹේද කියල අහගන්න පුළුවන්, නායකයන්ගෙ ඉඳල ආදර්ශයක් නොදීමෙ ප්‍රතිපල තමයි ඔය, බණ පිරිත් ලවුඩ්ස් පීකර වල සහ බුදු ගුණ කොන්ක්‍රීට් පිළිම වලට බාරදීල ඉන්නෙ බොහෝ බෞද්ධයන් ,
කපන්න ඕනෑ ගස්ටික පෙන්නලා යන දිහාවක ගියානම් ඉවරයිනේ... වරද OICගේම තමයි. අන්තිමට ඔක්කොම මිනිහගේ කරඋඩ...
ඕඅයිසී මෝඩ වැඩ කරාට කරන්න දෙයක් නෑ.
මමනම් හිතන්නේ වරදක් උනාම ඒක පෙන්නලා දුන්නම හරි