(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
කුරුණෑගල ශික්ෂණ රෝහල් ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ විශේෂඥ මණ්ඩලයේ වාර්තා ලැබෙන තෙක් දෙසැම්බර් 12 දක්වා කල් තබන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (09) නියෝග කළේය.
සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථා වලදී මව්වරුන් වද භාවයට පත්කළ බවට සහ අයථා අයුරින් වත්කම් ඉපයීම යන චෝදනා කීපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
අද නඩුව කැදවූ අවස්තාවේදී අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව විසින් පිටු 12 කින් යුතු වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහිදී සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතා කියාසිටියේ කුරුණෑගල රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂවරයා තමන් සහ තම පවුලේ පිරිස් පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවත් එය පරීක්ෂණ වලට බාධාවක් වන බවයි. ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
කොළඹ කාසල් රෝහලේ සහ සොයිසා රෝහලේ කරන ලද පැලෝපීය නාල පරීක්වෂාන් පිළිබඳ වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු විය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් ලබාගත් ප්‍රකාශ කීපයක් ද සීඅයිඩීය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
විත්තිකරු වෙනුවෙන් ජනධිපති නීතිඥ බණ්ඩාර නවරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර අගතියට පත් මව්වරුන් වෙනුවෙන් ජනධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් ව සිටියහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයේ විශේෂඥ මණ්ඩලය විසින් මව්වරුන් පිළිබඳව කළ යුතු පරීක්ෂණය සම්බන්ධව වාර්තා ඉදිරිපත් කරන තුරු දෙසැම්බර් 12 දක්වා කාලයකට නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මොන පරීක්ෂණයෙන් සාෆි නිදහස් වුණත් රතන හාමුදුරුවෝ නම් පිළිගන්නේ නැහැ. මොකද එය කරන්නේ දේශපාලනය නිසා... මිලියන 500 නඩුවෙන් නිදහස් වුණාම උසාවිය අපක්ෂපාතියිලු. සාෆි නිදහස් කළාම උසාවිය පක්ෂපාතියිලු. මෝඩයින් කියලා මරන්නද?
අනිවාර්යයෙන්ම අන්තිමට වෙන්නේ නටපු නාඩගමකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ. ඕනෑතරම් දේශපාලකයින් ඉන්නේ තමුන්ගේ වත්කම් හෙළිනොකරන.. ආදායම් බදු නොගෙවන.. මේකත් එක්ක ඒවත් අල්ලනවා නම් ප්‍රයෝජනවත් වේවි.
ඝෝඨාභය එනකන් නඩුව කල් දමදමා තියන්න.