IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෛද්‍ය සිසුවිය සමඟ මෝටර් රිය පැහැරගත් පුද්ගලයා අත්අඩංගුවට

(ඩි.ජී.සුගතපාල)

කරාපිටිය බැංකුවක් අසලදි ඉකුත් 23 වනදින තරුණියක්ද සමග  මෝටර් රථයක් පැහැරගෙන ගොස් තරුණියගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කන ලද  සැකකරු ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල එලියට් පාර පදිංචි 40 හැවිරිදි විවාහකයෙකි.

මෙම සැකකරු මැද පෙරදිග රටක රියදුරු ලෙස වසර කිහිපයක් රැකියාව කර ඇති බවත් මෙරටට පැමිණිමෙන් පසු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි ඇති බවත් මේ වනවිටත් රන් මාල කොල්ල කෑම යතුරු පැදි සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය පවසයි.

දැනට රුසියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරණ අක්මිමණ හියාරේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් නැගණිය සමග 23 වන බදාදා සවස කරාපිටියේ බැංකුවකට පැමිණ  ඇති අතර මෝටර් පදවාගෙන පැමිණි නැගණිය අක්කා මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටියදි එන්ජිම පණ ගන්වා තිබියදිම බැංකුවට ගොස් ඇත.

මේ අතර එක් වරම මෝටර් රථ ලඟට පැමිණි සැකකරු  තමාගේ වෑන් රථය පස්සට ගන්න ඕනැ කියමින් මෝටර් රථයට ගොඩවි  තරුණියද සමග වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.එසේ යනවිට ඇය කෑගසා දොර ඇර බිමට පැනිමට සුදානම්වු අවස්ථාවේ ඇයගේ ජංගම දුර කතනයද බිමට වැටි ඇත.කෑ ගසනවිට ඇයගේ කොණ්ඩෙන් අල්ලා බිමට පහත්කර ගෙන මෝටර් රථය පදවා ගෙන ගොස් ඇති සැකකරු  රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ නතරකර ඇයගේ රුපියල් පනස් දහසක් වටිනා අත් පළඳනාවද පසුම්බියේ තිබු රුපියල් එක් ලක්ෂ දෙදහසක මුදල්ද කොල්ලකා මෝටර් රථයේ රිමෝට් එකද ඇය අතටදි මෝටර් රථය නතර කර ඇති තැනකට පැමිණ ගෙනයන ලෙස පවසා  ඇය බිමට ඇද දමා පලාගොස් ඇත.

පසුව ඇය නිවසට පැමිණ සිද්ධිය පවසා නිවසේ අයද සමග පැමිණ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු පරික්ෂණ පැවැත්වු පොලිසිය පසුදින අලුයම බුස්ස දැව සංස්ථාව ඉදිරිපිට දමා ගොස් තිබු මෝටර් රථය පොලිසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර එම ප්‍රදේශයේ සී.සී.ටී.වි.දර්ශණද පරික්ෂා කිරිමෙන් අනතුරුව පසුගිය කාලයේ රන්මාල කොල්ල කැම් යතුරු පැදි සොරකම් කිරිම් සහ වෙනත් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ ඡායාරුප පැමිණිලිකාර තරුණියට පෙන්වු අවස්ථාවේ ඇය විසින් සැකකරු හඳුනාගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එලියට් පාරේ සැකකරුගේ නිවස අසල රැකවල්ලා සිටියදි හෙරොයින් රැගෙන යතුරු පැදියෙන් පැමිණි සැකකරු ඊයේ (28) අත් අඩංගුවට ගෙන ඇත.එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් හතරක්ද සොයාගෙන ඇත.

සැකකරු පාපෝච්චාරණය කරමින් පවසා ඇත්තේ එදින මත්ද්‍රව්‍ය පානය කිරිමට මුදල් සොයා ගැනිම සඳහා එලියට් පාර නිවසේ සිට පයින් කරාපිටියට පැමිණි අතර මෝටර් රථයක ඉදිරිපස අසුනේ මුදල්ද සහිතව තරුණියක් සිටි අතර මෝටර් රථයේ එන්ජිමද පණ ගන්වා තිබු නිසා තරුණියද සමග මෝටර් රථය පැහැරගෙන ගිය බවය.

මෝටර් රථය රිමෝට් එකකින් ක්‍රියා කරන එකක් නිසා  තරුණිය බිමට බැස්සවු අවස්ථාවේ සිට  සිට එන්ජිම ක්‍රියා විරහිත නොකර අතුරු මාර්ග වල රැඳි සිටිමන් කලුවර වු පසු දැව සංස්ථාව ඉදිරිපිට වෙරල අයිනට ගෙනැවිත් නතර කොට ගිය බවත් සැකකරු පවසා ඇත.

 තරුණියගෙන් කොල්ලකන ලද අත් පළඳනාව මාගාල්ල ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කර තිබු රිසිට් පතද තරුණියගේ ජංගම දුර කතන උපකරණයක්ද සැකකරුගේ නිවසේ සඟවා තිබියදි සොයා ගෙන ඇත.කොල්ල කන ලද මුදල් හෙරොයින් පානයට වියදම් කර ඇති බවත් ඉතිරිව තිබි ඇත්තේ  රුපියල් දෙදහසක් බවත් අනාවරණයවි ඇත.

 



අදහස් (1)

වෛද්‍ය සිසුවිය සමඟ මෝටර් රිය පැහැරගත් පුද්ගලයා අත්අඩංගුවට

Rohana Tuesday, 29 June 2021 07:29 PM

කොතරම් හදිසියකට වුවත් මෝටර් රථයේ එන්ජිම ක්‍රියාකාරීව පවතිද්දී පිටතට නොයා යුතුයි. එන්ජිම ක්‍රියාවිරහිත කර දොරවල් අගුලුදමා පිටතට යාමෙන් මෙවැනි කරදර අවම කරගත හැකිය...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site