
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (14) ඉල්ලා සිටියාය.
වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව්දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවුනි.
එම රිට් පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා මෙම මූලික විරෝධතාවය ඉදිරිපත් කළේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් , එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.
එමෙන්ම පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කරුණු සැඟවීමට සහ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
ඒබැවින් මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් නොතීසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ වැඩිදූර සලකා බැලීම ලබන සිකුරාදා (18 ) තෙක් කල් තැබීමට නියම කළේය.එදින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නි ආරච්චි , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වරයා සහ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිස ඉවත් කර ඒ සඳහා නව සභාපතිවරයෙකු හා සාමාජිකයින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ගනු ලැබූ තීරණය වෛද්‍ය ආඥා පනතට පටහැනි බවයි.
වෛද්‍ය ආඥා පනත යටතේ වෛද්‍ය සභාවේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරියට හිමි නොවන බවත් , ඒ අනුව තමන්ව ඉවත් කොට අදාල තනතුරු සඳහා නව සාමාජිකයන් පිරිසක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරීය ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිස සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විසිකරන්නයි පවිත්‍රා ඉල්ලයි
Prasad Monday, 14 December 2020 02:03 PM
ඔය සබාවෙ මල්ටිපල් පුටුවට මෙතුමියගේ රියදුරු පත්කරමු...
Bamunuarachchi Monday, 14 December 2020 04:55 PM
සෞක්‍ය ඇමතිට එම බලතල පනතින් ලැබී තිබෙනවා නම් ඇමතිගේ ක්‍රීයා කලාපයට විරුද්දව අභියෝග කිරීම නිෂ්ඵලයි...
chandima Monday, 14 December 2020 07:06 PM
දාලා යන්න බැරි මොකක් හරි හේතුවක් ඇති.. වත්කම් පරීක්ෂා කළානම් හොයාගන්න පුළුවනි.
ලුම්බිණි Monday, 14 December 2020 11:01 PM
බලමු අපේ ස්වාධීන අධිකරණය මොන තීන්දුවක් දෙයිද කියල.
mp Tuesday, 15 December 2020 02:13 AM
නම්බුව ඇතිව වැඩ කළ එකම පුද්ගලයා කාලෝ ෆොන්සේකා මහත්මයා විතරයි.