(රංජන් කස්තුරි)
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට කරුණු දැක්වීම හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම අද (28) සිට තහනම් කර තිබේ.
වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් ප්‍රසිද්ධ ප්‍රකාශ කළ හැක්කේ ලේකම්වරයාගෙන් ඊට අවසර ලබාගැනීමෙන් පසුව බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සියලු වෛද්‍ය පරිපාලකයින් වෙත දැනුම් දීමක් කර ඇත.
අමාත්‍යාංශයේ තීන්දු තීරණ හා දැනුම් දීම්වලට පරිභාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සෞඛ්‍ය පරිපාලකයින්ට කර ඇති දැනුම් දීමේ සඳහන් වේ.
COMMENTS
ඔහොම යමං, අරිෂ්ඨය හදමින් ඉන්නේ අපි...
තොරතුරු දැනගැනීමේ පනත අමු අමුවේම උල්ලංගනය කිරීමක්. ලංකාව නිසා ප්‍රශ්නයක් නැත. මොකද කැලේ නීතියක් තියෙන රටක් නිසා.
ඕකද යහපාලනය කියන්නේ ? මිනිස්සුන්ගෙ කටවල් වහන එක ?
ඇමතිතුමෝ මිනිස්සුන්ගේ කටවල් වහල සත්‍ය වසන් කරන බෑ......
ඇමැතිලව පත් කරන්නේ ජනතාව ඒත් ඇමතිලා සලකන්නේ වෙන මිනිස්සුන්ට.
කාණ් කටාට රිදෙන්න ඇති.. එක අතකට කුරුණෑගල උන් හරි මේ ගැන කාටවත් විශ්වාස කරන්න බෑ තමයි. එහෙම කාලකන්නියෙක්ට මොකටද සාක්ෂි දෙන්න කාලේ කන්නේ.
ඉතා හොඳ තීරණයක්.
තොරතුරු දැන ගැනීමේ පනතෙහි විශේෂ වරප්‍රසාද
තොරතුරු දැන ගැනීමේ පනත , ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමට පුලුචනි
ඇත්ත කියන වෛද්‍යවරුන්ගේත් කට වහන්නයි මේ හදන්නේ
නැගි හඬ යට කරන්නට වෙරදරලා ෂාෆී සාපයෙන් ලක්දිව තෙත් කරලා සාපය හංගන්න දත් දොස්තර වැට බැඳලා රට දක්කන් යනවා ජනභේදය කරලා..
මෙයාලා දැන් මාර බයකින් ඉන්නෙ. ෂුවර් එකටම රෑට හීනෙනුත් බය වෙනවා ඇති. ඒත් ඇත්ත එලියට එන එක නවත්වන්න බෑ මුකවාඩම් දැම්මට.
රාජිතට ගියපාර සැහෙන්න ජන්ද ලැබුනේ සිංහල ජනතාවගෙන්...... දැන් නම් ඇමතිතුමෝ මේ පාර අපිනම් ඔබතුමාට ඡන්දේ දෙන්නේ නැහැ.. ඔබතුම කළුතරින් කොහොමත් පරාදයි. මොකද මොනවා කලත් ලබන පර එන්නනම් එපා ඡන්දේ ඉල්ලන්න ..