(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගීවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වැටලීම්) සුදත් රත්නවීර මහතාගේ උපදෙස් පරිදි නිලධාරීන් පිරිසක් ගොස් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත එම පියවර ගත්බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
දොස්තරකම රැකගන්න බැරි කෙනෙක්..
වහාම මොහුව අස්කරන්න
ලෙඩ්ඩුන්ට කළ මේ අපරාදෙට පරම්පරා හතකටම සහ ගහනවා.
ගෝල්ෆේස් එකට ගෙනැල්ල උල තියන්න ඕනෑ... ඉදිරියේදීවත් දොස්තරලා දේශපාලුවන්ට කඩේයන එක නතර කරන්න නම්...
වහාම අස් කළ යුතුයි.
ඊළඟ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති වෙන්න මානබලන, අසරණ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා හෝ තමන්ගේ වරධාන, වරප්‍රසාද ලබාගන්න උත්සාහ කරන නිදහස් අධ්‍යාපනයන් තුළින් මේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා අද ඒ ජනතාවටම එරෙහිවන ක්‍රියාදාමයකි.
කොච්චර ඉගෙන ගත්තත් ජන්මයෙන්ම එන වලව් පස්සේ යන දීනකම නවත්වගන්න බැහැනේ...
වෛද්‍ය කමිෂන් සභාවයි, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි දෙකක්. කමිෂන් සභාව තමයි, රජයක් වශයෙන් වෛද්‍යවරු පාලනය කරන්නේ... සංගමය වෘත්තිය සමිතියක්... වෘත්තිය සමිතියක්, දේශපාලන පක්ෂයකට සහාය දෙන එකේ වරදක් නෑ. ගොඩක් වෘත්තිය සමිති දේශපාලන පක්ෂවලට සහාය දෙනවා. වෛද්‍ය සභාව එහෙම කළා නම් වැරදියි.
මෙයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නවා නෙමෙයි... රාජ්‍ය සේවක පනත යටතේ දොස්තර වෘත්තියෙන්ම නෙරපා හරින්න. ඒක කළොත් මුළුරටම රබන් ගහලා කිරිබත් කයි. මොකද මේ අහිංසක දුප්පත් රෝගීන් බිල්ලට දෙන නිසා...
වහාම සේවයෙන් නෙරපන්න. එය වෛද්‍ය සේවයටත්, රටටත් සෙතක් වෙයි. මේ මනුස්සයා වෛද්‍ය සේවය ත්‍රස්තවාදී සංවිධානයක් කළා.