IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට පළා යෑමට ඉඩදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්න නියෝග

( රොමේෂ් මධුෂංඛ)

යාපනය පුන්කුඩතිව්හිදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ. ජුඩ්සන් මහතා නියෝග කළේය.

විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත එලෙස නියෝග කළේය.

විද්‍යා ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස්කුමාර් නමැත්තා ඇතුළු පිරිස වෙත පළා යාමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රිගජන් නමැති උප පොලිස් පරීක්ෂකවරයා අදාළ පිරිස් වෙත සෘජුවම උපකාර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

ශ්‍රි ගජන් පොලිස් නිලධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර, සැකකාර ‍උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලීසිය අධිකරණයට පැවසීය.

නඩු විභාගය ලබන 2019 වසරේ ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, නඩු විභාගයට අදාළ නීතිපති උපදෙස් විමසීමද කයිට්ස් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.



අදහස් (3)

විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට පළා යෑමට ඉඩදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්න නියෝග

tikiri Thursday, 11 October 2018 09:08 AM

එතකොට ඊට සම්බන්ධ මන්ත්‍රීවරිය ?

:       0       34

KANDEPOLA Thursday, 11 October 2018 09:16 AM

විජයකලත් ස්විස්කුමාර්ව බේරගන්න උත්සහ කළා. ඒකට මොකද වෙන්නේ ?

:       0       36

Hafeel Thursday, 11 October 2018 11:15 AM

නීති, රීති, බදු බර සේරම මහජනයාට තමා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site