IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘වතු කම්කරු දාහේ පඩිය වහාම ගෙවන්න‘‘

(යොහාන් භාසුර)

අධිකරණ නියෝගය අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන් කටයුතු කළ යුතු යැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

වතු සමාගම් අධිකරණය ලබාදුන් නියෝගය අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රුපියල් දහසක දෛනික වැටුප සමස්ත ශ්‍රී ලංකාවේම වතු කම්කරුවන්ට ලබාදීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

රජය යටතේ පවතින වතු සමාගම් මේ දක්වා රුපියල් දහස ගෙවා නොමැති බවත් ‘කොරෝනා’ වසංගතය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම නිසා ජනතාවට බඩගින්නේ මැරෙන්න සිදුවෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට ද සූදානමින් සිටින බව මන්ත්‍රීවරයා කීය.

රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා එසේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙසේ ද පැවසීය.

“හාම්පුතුන්ගේ සංගමය වතු කම්කරුවන්ගේ බෙල්ල මිරිකලා නැවත සුද්දන්ගේ කාලෙට ගෙනියන්න හදනවා. මම ඉල්ලා සිටිනවා වෘත්තීය සමිති කොනිත්තන්න එපා කියලා. එහෙම වුණොත් බඹරු ඇවිස්සුණා වගේ තමයි.

අහිංසක වතු කම්කරු ජනතාවට රුපියල් දහස ගෙවන්න උසාවිය නියෝග කළා. ඒත් මේ දක්වා වතු හාම්පුතුන් ඒක ගෙවන්න කටයුතු කරලා නෑ.”

 



අදහස් (0)

‘‘වතු කම්කරු දාහේ පඩිය වහාම ගෙවන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site