IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වතු කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටින් අවසන්

(රංජිත් රාජපක්ෂ)                       

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8 ක් පුරා වතු කම්කරුන් ආරම්භ කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හෙට (12) අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

 
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ ලබන 19 වැනි දින සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් වැඩ වර්ජනය හේතුවෙන් ආර්ථිකයට සිදු වෙමින් පවතින පාඩුව හේතුවෙන් වැඩ වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපතිවරයා කල ඉල්ලීමක් හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හරින බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තෝණ්ඩමන් මහතා කියා සිටියේ.
 
මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වී තිබේ.

 



අදහස් (3)

වතු කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටින් අවසන්

Gamage Tuesday, 11 December 2018 10:56 PM

ඔයිට වඩා පොරොන්දු මෙයා දුන්නා .. මතක නැද්ද ???

:       0       34

රවින් Wednesday, 12 December 2018 02:44 AM

අපේ රටේ මිනිස්සු හැමදාම කලේ අස්සයා ගියපසු අස්ථාලය වසා දැමීම නොවේද? ප්‍රශ්න විසඳා ගතයුත්තේ සාකච්ඡාවෙන් . මහජන නියෝජිතයින් කියන කොටස ඉස්ස ඉස්සෙල්ලාම බලන්නේ තම මල්ල ගැන මිස තමා පත්කළ අයගේ මල්ල ගැන නොවේ. කම්කරු වැටුප් වැඩිවිය යුත්තේ ආයාතනයට උසුලා ගන්න පුළුවන් තරමට. පොදුවේ කෘෂි කර්මාන්තය තුළ සිටින හැමෝටම වැටුප් වැඩිකිරීමක් තුළින් ආයතන ඉදිරි පැවැත්මට වන හානිය සලකා බැලීමෙන් පසු විවිධ දිරි දීමනා තුළින් එම මුදල ලබා දෙන්නේ නම් සේවකයා හා අයාතනය යන දෙකේම ඉදිරි පැවැත්මට වඩාත් සුදුසුවේ.

:       0       3

diad Wednesday, 12 December 2018 05:17 AM

තව සුමානයක් වර්ජනය කළා නම් වතු කම්කරුවන්ට පාන් කන්ඩත් බැරි වෙනවා. .

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site