(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ලබන මැයි මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුපට රුපියල් 50ක දෛනික දීමනාවක් එකතු කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ඒ අනුව වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 800ක් වන බව පැවැසූ ඇමැතිවරයා එය සියයට 40ක වැටුප් වැඩිවීමක් යැයිද කීය.
මෙම රුපියල් 50 දීමනාව තේ මණ්ඩලයේ මුදල් වලින් ලබා දීමට පියවර ගන්නා බව කී ඇමැතිවරයා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද පැවැසීය.
වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ ගිවිසුම විසිවසරකට වඩා පැරණි බව කී ඇමැතිවරයා එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් වශයෙන් දිගම්බරම් සහ රාධා ක්‍රිෂ්ණා ඇතුළුවී නැති බවද කීය.
එම නිසා මෙම ගිවිසුම අලුතින් සකස් කිරීම සඳහා කාලය එළඹ ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
මීට වසර 15 කට පෙර වතු කම්කරුවන් 2,40,000 ක් සිටියද අද වන විට එම සංඛ්‍යාව 1,40,000 දක්වා අඩු වී ඇති බවද දිසානායක මහතා කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මෙම මාධ්‍ය හමුවකදී කඳුරට ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් සහ විශේෂ ප්‍රදේශ සංවර්ධන ඇමැති වී රාධාක්‍රිෂ්ණා යන මහත්වරු ද අදහස් දැක්වූහ.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතු කම්කරුවන්ගේ දිනක වැටුපට රු.50ක දීමනාවක්
tommy Monday, 11 March 2019 03:59 PM
අද දවසේ හැටියට, රු.50ක දීමනාව කෑමට පස්සේ කන්ට ලොසින්ජරයක් ගන්ටත් මදි...
සියනෑ පුත්‍රයා Monday, 11 March 2019 11:45 PM
තවත් එක් යහපාලන ප්‍රජා සත්කාරයක්.. අහිංසක මිනිස්සුන්ට කොලොප්පම් කරන්න එපා මෙහෙම.. අඩුම දිනක වැටුප 1200 කරන්න !!!
Sathya Tuesday, 12 March 2019 07:21 AM
වතු කම්කරු වැටුප් ගෙවන්න රජයේ මුදල් දෙන පදනම මොකද්ද? ලාභය උපයන්නේ පෞද්ගලික වතු හිමියා, වැටුප් දීමනා ගෙවන්නේ රජයෙන්. සුළු ජාතික පක්ෂ දේශපාලන සහය ලබා ගැනීමට එහෙම අල්ලස් දෙනවනම්, ගාර්මන්ට්වල අඩු පඩියට නහින කෙල්ලොන්ට, ගොවිතැන් කරන වයසක මිනිස්සුන්ට, කම්කරු ඇතුළු අනිත් මිනිස්සුන්ටත් දෙන්නකෝ බැති සිතින් දීමනාවක්. ඵලදාව විකුණගන්න බැරි මිනිහට දෙන්නකෝ මුදලක්. ඒවාට තියෙන්නේ අවම මිල වගේ කතාව විතරයි. ගහන්න ගහන්න වඳින, ආපහු ගිහින් ඡන්දෙ දෙන මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි.