(දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සියලු වෘත්තීය පුහුණු ආයතන ජූලි මස 6 වැනිදා සිට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල දනුෂ්ක මහතා පවසයි.
වෘත්තීය පුහුණුවීමේ පාඨමාලාවලට සම්බන්ධ වී සිටි සිසුන්ට ඒ අනුව ජූලි 6 වැනිදා සිට එම පාඨමාලා සඳහා යළි සම්බන්ධ විය හැකි බව ඒ මහතා සඳහන් කළේය.
වැඩිදුර විස්තර සදහා 0117270270 දුරකථන අංකය ඇමතීමෙන් දැනගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.