(තිළිණි ද සිල්වා)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත් 2017 වසරේදී එරටින් අනුමත නොකරන ලද බෙහෙත් එන්නත් යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (07) පැවැසීය.
එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ එසේ ගෙන්වා ඇති එන්නත මුල් අවස්ථාවේදී රෝගීන්ට එන්නත් කිරීමේදී හදිසි හෘදයාබාධ ඇති වී රෝගියා ජීවිතය අහිමි වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවය.
පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගය කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මඩුල්ලක් හමුවේ පැවත්විණි.
එලෙස රුසියාව පවා අනුමත නොකළ එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අදළ බලධාරීන් කටයුතු කර ඇතැයි එම විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.
විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා සාක්කි දෙමින් මෙසේද කීය.
පිළිකා රෝගීන් සඳහා 2017 වසරේදී රුසියාවෙන් අනුමත නොකළ බෙහෙත් එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.රුසියාවේ නිෂ්පාදිත අදාළ එන්නත රුසියාවේ පවා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත වූයේ 2017 මාර්තු මාසයේදීයි.එසේ වුවත් ශ්‍රී ලංකාවට එය පෙබරවාරි මාසය තුළඳීම ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා.
මෙම බෙහෙත ගෙන්වීම සඳහා පැවති තාක්ෂණික කමිටුවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ප‍්‍රසාද් අබේසිංහ මහතා ඊට තදින්ම විරුද්ධ වී තිබෙනවා.ඔහු ඊට එකඟ නොවන බවට ලිඛිත සටහනක් පවා තබා තිබෙනවා.
මෙයාකාරයෙන් ගෙන්වා ඇති එන්නත් මුල් අවස්ථාවේදී රෝගීන්ට එන්නත් කිරීමේදී හදිසි හෘදයාබාධ ඇති වීමේ අවදනාමක් පවතිනවා.එලෙස හෘදයාබාධ ඇති වී රෝගියාගේ ජීවිතය අහිමිවීමට බොහෝ සෙයින්ම ඉඩකඩ පවතින්නේ යැයිද විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම පැමිණිල්ලේ වැඩිදුර සාක්කි ලබා ගැනීම පසුවට කල් තැබීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම තීන්දු කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අපේ සියල්ල දත් දොස්තරතුමාගේ වැඩක් ද ?
මේවා අහනකොට පුදුමාකාර අප්පිරියාවක් දැනෙනවා අපේ දේසපාලුවෝ ගැන. එළිපිට හොරකම් කරන තත්වයට මේ රට ගේනවා කොහොම හරි. පනින්න බලන් හිටපු රිලවන්ට ඉනිමං තිබ්බ සංහිදියාවක් කියලා ගෙනල්ල.
රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත් සහ ඇස්බැස්ටෝස් ප‍්‍රමිතියෙන් තොර බව නොදැන සිටියද
ඒ වැනි අකටයුතු කරන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නේ නැද්ද? මේ කොමිසන් සභාවලින් සිදුවෙන්නේ තිබෙන මුදල් ටිකත් වියදම් වෙන එක විතරයි.
ඇමති රාජිත මේක ගෙන්න වලි කෑවේ ඇයි කියල දැන් තේරනවද?
මේ කියන කතාව අනුව තාක්ෂණික ඇගයුම් කමිටුවේ එක් වෛද්‍යවරයෙක් එරෙහි වෙලා තිබෙනවා. එතකොට අනෙක් වෛද්‍යවරු ඒකට මොකද කියලා තිබෙන්නේ?පුද්ගලික මත අනුව නොව සැබෑ වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව කටයුතු කරනවා නම් එහෙම බෙදීමක් වෙන්නේ කොහොමද?
ඇමතිතුමා නම් කියයි මේකත් වෛද්‍ය සංගමයේ වැරද්දක් කියල.
කවුරු හරි ගාන කඩා ගත්තානම් ඒ ඇතිනේ. ලෙඩුන්ට මොනවා උනත් මොකෝ? උඩ ඉදන් යටටම දුෂණය වුනු රටේ වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද අපි?
මේ දොස්තර කියන්නේ සම්පූර්ණ අසත්‍යයක්... මේ දොස්තරව මෙහෙම කියන්න පෙලඹුවේ ජනාධිපතියි, දොස්තර සංගමයේ නඩයයි, ඖෂධ මාෆියාවයි එකතු වෙලා... මොකද ජනාධිපතිට බලං ඉන්න බෑ එයා සෞඛ්‍ය ඇමැති කාලේ කලේ නැති ජනතාවට සහන දීලා බෙහෙත් මිල අඩු කරලා කරන වැඩ ටික මේ සෞඛ්‍ය ඇමති කරන නිසා... වගේම එයාගේ ගොබ්බ වැඩ වලට රාජිත විරුද්ධ නිසා දැන් මඩ ගහලා වට්ටන්න හදනවා... ඒකට හරි යන්න වෛද්‍ය සංගමයටයි ඖෂධ මාෆියා කරයන්ටයි ඉස්සර හිටියා වගේ පඹයෙක් නැති නිසාත් උන්ට රාජිතව නටවන්න බැරි නිසාත් උනුත් එකතු වෙලා... අනික මේ සාක්ෂි දෙන්න ආපු දොස්තර රාජගිරියේ සෙලින්කෝ රෝහලේ රාජකාරි වෙලාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා මාට්ටු උනාම බේරෙන්න ජනේලෙන් පැනලා පයිප්පේ දිගේ බැහැපු මිනිහා... අනික බාල බෙහෙත් ඒ කාලේ ගෙන්නලා මාස්පතා ලක්ෂ ගණන් කොමිස් අරන් මාට්ටු වෙච්ච එකෙක්.. අනික ඖෂධ සමාගම් වලින් ලක්ෂෙ ගානේ අරගත්තු දුෂිත දොස්තරයෙක්නේ...
ලෙඩා මලත් බඩ සුද්ධ වෙනවා නම් ඒ මදැයි. බේත මොකක් වුනත්, ඉහලම කොමිස් පාර වදිනවා නම් ඒක තමයි, හොඳම බේත! ලෙඩ්ඩු මැරෙනවා නම් ඒක ඔවුන්ගේ වරදක්. කොහොමටත් ඉතින් මැරෙන ලෙඩ්ඩු නේ. කොමිස් පාරක් ගහගන්න ඔවුන්ගෙන් ඉඩ සැලසෙනවා නම් ඒකෙන් ඔවුන්ට මොන තරම් ලොකුපිනක් ලැබෙනවා ද?
තමන්ගේ සාක්කු පුරවාගැනීම සදහා අහින්සක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දෙන මෙවැනි අමනයින්ට වැහි නැති හෙන ගහනවා.
රාජිත ඔයා නම් ඊයා හලෝ
දෙකට කපාපු ගැඩවිල් පණුව වගේ දඟලන වෛද්‍ය ( GMOA ) සංගමය මොකෝ සද්ද නැත්තේ? රාජිතත් එක්ක සංධානයක් ගහලවත්ද?
GMOA එක තමයි ඉස්සෙල්ලම ඕක ගැන කිව්වෙ. එතකොට උන්ට බැන බැන හිටියා.....
GMOA එක තමයි ඉස්සෙල්ලම ඕක ගැන කිව්වේ... එතකොට ඒ අයට බැන බැන හිටියා...