(යොහාන් භාසුර)

ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙන්දන් සහ ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික දුරකථන අංකය වන 1977 ට පැමිණිලි කළ හැකි බවත් එම නිලධාරියා කීය.  

රට තුළ පවතින ටයිල් හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළෙන්දන් සහ ආයතන ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව කී එම නිලධාරියා රට පුරා පාරිභෝගිකයන්ගෙන් මේ පිළිබඳව පැමිණිලි ගලා එන බව ද සඳහන් කළේය.

ටයිල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් පිළිබඳව පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ටයිල් සමාගමක් ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

ඇතැම් ටයිල් අළෙවි කරන ආයතන පාරිභෝගිකයන් නොමඟ යවමින් විවිධ වර්ණවල ටයිල් ලබාදෙන බවට ද චෝදනා එල්ල වී තිබේ.