(අංජුල මහික වීරරත්න)
වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය 28% ක් පමණ වන බවත්, එය තවත් වැඩි දියුණු කළ යුතු බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ අද (10) අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
‘‘අපේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ රටේ වඩු කර්මාන්තය දියුණු කිරීමයි. වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය ආධාර උපකාර රජය විසින් ලබා දෙනවා. ඒ වගේම රටේ දැව සම්පත ආරක්‍ෂා කිරීමත් රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අප සලකනවා. රටේ සමස්ථ වනගහණය මේ වන විට 28% ක පමණ අගයක් ගන්නා අතර, අපට අවශ්‍ය වන්නේ එම ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීමටයි. ඒ අනුව රටේ දැව සම්පත වර්ධනය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.
ජනාධිපතිතුමා පසුගියදා සඳහන් කළේ රටේ වනාන්තර ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව පමණයි. එතුමා පැවසුවේ රටේ තිබෙන ජංගම වඩු කර්මාන්ත ශාලා සහ චේන්ෂෝ තහනම් කිරීම පිළිබඳවයි. ජංගම වඩු කර්මාන්ත ශාලා සහ චේන්ෂෝ භාවිතය ඉහළ යනවා නම් රටේ වනගහණය 28% ටත් වඩා පහළ මට්ටමකට පත් වෙනවා.
කිසිම අවස්ථාවක රටේ වඩු කර්මාන්තයට බාධා වන ආකාරයට මැදිහත්වීමට අපට අවශ්‍ය නැහැ. රටක් ලෙස වඩු කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි. 2003 වසරේදී අපි වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කළා. නමුත් එම වැඩකටයුතු ඉදිරියට කර ගෙන යෑමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. එම නිසා වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන අපි නැවත ක්‍රියාත්මක කරනවා. මෙම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේදී ගැටළු ගණනාවක් මතු වෙනවා. මුදල් ගැටළු, අලෙවි කිරීමේ ගැටළු සහ තාක්‍ෂණය ලබාගැනීම පිළිබඳ ගැටළුත් මීට බලපානවා.
මොරටුව ප්‍රදේශය තාක්‍ෂණික දැනුම ඉතා හො¼දින් භාවිත කළ හැකි නගරයක්. මොරටුව විශ්ව විද්‍යාලය, අප අලූතින් ආරම්භ කළ ඒ.ටී.අයි. ආයතනය හරහා සාම්ප්‍රදායික වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ලබාගත හැකියි.
මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මොරටුව ප්‍රදේශයේ සිටින නිසා මේ වැඩකටයුතු කරගෙන යෑමේ ගැටළුවක් ඇතිවන්නේ නැහැ. වඩු කර්මාන්තය පිළිබඳව අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයාත් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.
මෙම කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවල්වලටත් ලබාදිය යුතුයි. එම නිසා ඉදිරියේදී වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් තිබෙන බව පැවසිය යුතුයි. මේ පිළිබඳව එරාන් වික්‍රමරත්න ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සකස් කර අපට වාර්තාවක් ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. අප රටේ වගකිව යුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබාගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කළ යුතුයි.
අපේ එම පරමාර්ථය සාර්ථක කර ගැනීමට මෙම කර්මාන්තය තුළ නවීකරණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් සහ ආණ්ඩුවේ සහභාගීත්වය අවශ්‍ය වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙක් සහභාගීවී සිටියහ.‘‘
ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහාය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. වඩු කර්මාන්තය නවීකරණය පාසැල තුළින්ම පුහුණුවක් ලබාදී පිළිගැනීමේ සහතිකයක් ලබාදීම ඉතාම වටිනේය. පාසලින් පිටවන තරුණයන් සමාජය පිළිගන්නා දැනුමක් සහ පිළිගතහැකි සහතිකයක් තිබේ නම් රැකියාවන් ඕනෑතරම් තිබේ. එම රැකියාවන්ට විශාල මුදලක් ගෙවීම් කරනු ලැබේ. රටතුළත්, පිටතත්, ලොවටත් පුහුණු සේවකයන් නොමැතිකම දැනීගොස් තිබේ. දියුණු රටවල් දැනුමක් සහ පිළිගතහැකි සහතික ලත් අයවලුන් හට එම රටවල් රැකියා දොරටු විවෘත කොට තිබේ. එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න රට චීනය වේ. පාසල්වලට වුවමනා සියලු ලීබඩු පාසැල තුළින්ම නිපදවා ගැනීමේ ක්‍රමයක් ඇතිකළ යුතුය.
අන්න හරි.... උඩ පැනලා දෙන්නා උඩින්ම ගිහින් හයේ එකක්ම එන්න. බොහොම කලාතුරකින් මේ වගේ හොඳ බෝලයක් වැටෙන්නේ. මගේත් උපරිම සහය, මෙයා මාර පොරක්නේ... තමන්ගේ වැඩේ කරගෙන අනුන්ට වල කපනවා. මාත් මේ අපේ ගමේ වඩු මඩුවට එන ලස්සන ගෑණු ළමයෙකුට බැල්ම දැම්මා විතරයි. වඩු මඩු වහන්න හදනවා.
යාන්තම් ජාමේ බේරගත්තා නේද?
ජනාදිපති එකක් කරනවා , අගමැති තව එකක් කරනවා, පොලිස්පති එයට ඕනේ දේ කරනවා,, සුව ඇමති කටට එන එක කියනවා.. මේ අතරේ බෝම්බ පිපිරෙනවා. මුස්ලිම් අන්තවාදය ඔවුන්ගේ භීෂණය රට තුල පතුරනවා.. ආණ්ඩුව දැන් වහාම ඡන්දයකට යන්න ඕනේ. රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. නැත්නම් තව දුරටත් රටක් ඉතුරු වෙන්නේ නැහැ..
දුරදිග නොබලා කියපු කතාවක් අල්ලාගෙන මෙයා ලකුණු දමාගන්න හදනවා , මේ කිහිප දෙනාම ( රනිල්, මෛත්‍රී ,මහින්ද ) හදන්නේ බොර දියේ මාලු බාන්න, එකෙකුටවත් ඡන්න්දේ දෙන්න එපා.
මෙයා කොච්චර කපටිද කියනවා නම් ජනපතිට ටොක්ක අනින්නේ ඔලුව අතගාලා... ඕක මෙයා අතින් කියවුණා නම් ජනපති අද කියන ඒවා බලන්න තිබුණා. ඔය ජනපතිගේ ප්‍රකාශයේදී "ජංගම" වඩු මඩු කියලා කිව්වේ කොහේදීද කියලා අපට කියනවද? ගරු අගමැතිතුමනි..
පිටරට ලී ගෙනැවිත් බඩු හදල විකුණන්න වෙන්නෙත් පිටරට බඩු වලටම තමා. ජනපතිතුමාට කව්රු හරි ලී ආනයනකරුවෙක් ලෙඩ දම්මනවා. මේ කතාව අගමැතිතුමා කාලීනව කරපු හොඳම කතාව. මෝඩ වැඩ නොකර රබර් වගේ ලී හොඳින් පාඩම් කර කල් තබා ගැනීමේ තාක්ෂණය මොරටුව විශ්වවිද්‍යාලය වත් මුල් කරගෙන දියුණු කරමු. වෙන මහෝගනී වගේ වන වගා වලට කුඩා ඉඩම් හිමියන්ට උදව් කරන්න.
අයෙක් වඩුමඩු වහන්නට කතා කරන අතර, අයෙක් වඩු කර්මාන්තය දියුණු කිරීමට කතා කරයි. දෙකම සිදු නොවන වග පැහැදිලියි.
පච! කටින් බතල ! බ්‍ර්ස්ලට්වලට දෙවෙනි නැහැ මේක - ඡන්ද ගුණ්ඩු!
මෙතුමා නිවැරදියි.. හොඳටම පිස්සු කුඩු මතේ..