(මහේෂ් කිර්තීරත්න)

තමා පාවිච්චි කරන ලද නිල වාහන සහ කාර්යාල උපකරණ නිල වශයෙන් බාර දිමට දින දෙකක් තිස්සේ උත්සහ කළත් එය බාර ගැනීමට නොහැකි බව පරිපාලන නිලධාරි තමන්ට දුරකතනයෙන් දැන්වූ බව ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (30) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳව ලිඛිතව මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දුන් බවත් එම ලිපිවල පිටපත් පළාත් ආණ්ඩුකාර, පළාත් ප්‍රධාන ලේකම්, පළාත් පාලන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින්ට දැනුම් දුන් බවයි.

තමන් නීතියට අනුව සෑම විටම කටයුතු කරන බවත් ඒ අනුව මෙම කටයුතු සිදු කරන බවත් ඇතැම් නිලධාරින් එයට ද අවනත නොවී කටයුතු කිරිම පිළිබඳව කනගාටු වන බවද පැවසීය.

මේ පිළිබදව මාතලේ මහ නගර සභාවේ පරිපාලන නිලධාරි ආනන්ද විජේකොන් මහතාගෙන් අප විමසිමේදී කියා සිටියේ මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරිමට තමන්ට බලයක් නොමැති බවත් වාහන බාර ගැනීම සදහා රියදුරන් සමග ගොස් අදාළ වාහන  බාර ගැනිම පසුව සිදු කරන බවත් මේ පිළිබදව නාගරික කොමසාරිස්වරයාගෙන් විමසන ලෙසත්ය.