(බිඟුන් මේනක ගමගේ)
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත.
දේශපාලන පලිගැනීමක් ලෙස තමා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවට සමන් උඩවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිසම වෙනුවන් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී කුලරත්න මහතා විසින් යොමුකරන ලද ලිපියක් මගින් මෙම නියෝගය කර තිබේ.
මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලයේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙර මැතිවරණ කොමිසමෙන් විමසිය යුතු යැයි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත යොමුකරන්නැයි ද කොමසාරිස්වරයා අමාත්‍යාංශ ලේකම්වරියට වැඩිදුරටත් නියෝග කර ඇත.
ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ සැමරුම් උත්සවයක් දේශපාලනික අරමුණු සඳහා භාවිත කිරීමට එරෙහිවීම නිසා තනතුරෙන් අස්වන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා තමාට බලපෑම් කළේ යැයි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබිණි.
අනුරාධපුරයේ දී පසුගිය 1 වැනිදා පැවැත් වූ ජාතික වැඩිහිටි දින උත්සවයට පුද්ගලයන් 25,000 ක් සහභාගි කරවාගෙන ඔවුන්ට ඇඳ ඇතිරිලි 25,000 ක් බෙදා දෙන ලෙසත් ඇමැතිවරයාට අයත් ආයතනයකින් එම ඇඳ ඇතිරිලි මිලදී ගන්නා ලෙසත් ඔහු තමාට බලපෑම් කළේ යැයි ද උඩවත්ත මහතා එහි සඳහන් කර ඇත.
තමා ඊට විරුද්ධ වූ බැවින් එම මිලදී ගැනීම් කිරීමට නොහැකි වූ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අදාළ උත්සවය සඳහා වේදිකාව සැකසීමට ඇමැතිවරයා ඔහුගේ හිතවතකුට අවස්ථාව දුන්නේ යැයි ද මෙසේ වේදිකාව සැකැසීමට වෙනත් පාර්ශ්වයකට අවස්ථාව දුන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා රුපියල් ලක්ෂ 33ක අවම මිලකට එම කාර්ය කිරීමට සකස් කළ සැලැසුම් ඇමැතිවරයා විසින් අවලංගු කරනු ලැබීමෙන් පසුව යැයි ද පසුව එම වේදිකාව සඳහා රුපියල් ලක්ෂ 45ක් ගෙවන්නැයි ඇමැතිවරයා තමාට නියෝග කළ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිභාහිරව මුදල් ගෙවීමක් බැවින් එම නියෝගය ද ප්‍රතික්ෂේප කිරීමට තමාට සිදුවී යැයි ද උඩවත්ත මහතා ඔහුගේ පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
අදාළ මුදල් ගෙවීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් ලබාගන්නා හැටියට ඇමැතිවරයා තමාට නියෝග කළේ යැයි ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනාවෙන් නැවත අයකර ගන්නා මුදලින් එවැනි මුදල් වෙන් කිරීමකට අවසර දීම නීති විරෝධී බව කියමින් එම සියලු නියෝග ප්‍රතික්ෂේප කළ බැවින් තමාට තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ඇමැතිවරයා බල කළේ යැයි ද උඩවත්ත මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.
අමාත්‍යංශ ලේකම්වරිය ලිඛිතව එම නියෝගය කළහොත් අස්වීමට සූදානම් යැයි ඇමැතිවරයාට පැවසූ බවත් ඉන්පසුව තමා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව හැඟී ගියෙන් මැතිවරණ කාලයේ එවැන්නකට යත්න දැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සේ සලකා කොමිසමට පැමිණිලි කළ බවත් සමන් උඩවත්ත මහතා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසීමක දී සමන් උඩවත්ත මහතා පැවසුවේ මැතිවරණ කොමිෂමේ නියෝගය අනුව තමා තවදුරටත් තනතුරේ රාජකාරි කිරීමට සූදානම් බවය.
මේ පිළිබඳව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතාගෙන් හා අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මියගෙන් විමසීමට උත්සාහ කළ ද ඔවුහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූහ.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැඩිහිටි කාර්යාල අධ්‍යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි
sam Friday, 18 October 2019 04:53 AM
මේ සජිත්වත් රනිල්වත් එපා කියලා ජනාධිපතිකමට ඉල්ලන්න හදපු කෙනෙක් නේද? මේගොල්ලන් බලයට එන්නේ රටට ආදරේ නිසාම තමයි. අපි දන්නා තරමට සමුර්ධිය දෙන්නේ තමන්ට ගොට්ට අල්ලන අයට විතරයි.
චමිල ජයසිංහ Friday, 18 October 2019 05:59 AM
රටේ ගම්මිරිස් මිල පහල වැටීමට දයා ගමගේ හේතුවක් ය.
nalani Friday, 18 October 2019 06:04 AM
සජිත් මැතිදුනි, හැමෝම බලාසිටිනුයේ ඔබතුම කෙරෙහියි . ඔය ටි එන් ඒ ජරා යෝජනා දිහා බලන්නවත් එපා. රනිල්ගේ ගැටවලට අහුවෙන්න එපා. ඕවට එකග වුනොත් පාක්ෂිකයන් අප හැරයාවී.
Deepal Nirosh Friday, 18 October 2019 10:15 AM
වෙන මොනවද ඉතින් මේ යහ පාලනය මිසක්.
Kasun Friday, 18 October 2019 01:31 PM
නීති ගරුක නිලධාරීන් දේශපාලන අතකොලු කරගැනීම සාධාරණ සමාජයේ මිනිසුන් පිළිකුල් කරනවා. රටක් දියුණු කරන්න පටු පරමාර්ථ වලින් බෑ. කොහොම උනත් හොඳ නිලධාරීයෙක් නිසා මහජන මුදල් ටිකක් හරි ඉතිරි වුනා.