IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැඩිපුර අයකර ගත් ලක්ෂ 36 ක් ගෙවන්නැයි සුරාබදු නිලධාරීන්ට නියෝග

( තිළිණි ද සිල්වා )

සුරාබදු නීතිය උල්ලංඝනය කිරීමේ වරදට නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවමින් ව්‍යාපාරිකයින් තිදෙනෙකුගෙන් වැඩිපුර අයකර ගෙන තිබූ රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ඔවුන්ට ආපසු ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු සිව් දෙනෙකුට අභියාචනාධිකරණය අද (9) නියම කළේය.

සුරාබදු පනත ඉක්මවා යමින් තමන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට එරෙහි මෙම ව්‍යාපාරිකයින් තිදෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය  මෙම නියෝගය නිකුත් කෙරිණි.

සුරාබදු පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නිලධාරීන්ට අභිමත පරිදි දඩ මුදල් නියම කළ නොහැකි බවද ප්‍රකාශයට පත්  මෙම නඩු තීන්දුවේ සදහන් වේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

නානුඔය සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ආර්.එච්.මේරි පෙරුමාල්, ජේ.අයි.ජේ.සී චෙට්ටි සහ කේ.කුගබාලන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

ප්‍රධාන සුරාබදු නිලධාරි ආර්.එම්.සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.බෝදරගම, හිටපු සුරාබදු කොමසාරිස්  ජනරාල් වසන්ත හෙට්ටිආරච්චි, සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන නැමැත්තන් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන්වේ.

2014 වසරේදී පෙත්සම්කරුවන්ගේ මත්පැන් හළ වැටලූ සුරාබදු නිලධාරීන් සුරාබදු පනත උල්ලංඝනය වන වරදක් කිරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 50 ක් ගෙවන ලෙසට වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ට පවසා ඇත.

පසුව එම මුදල ලක්ෂ 40 දක්වා අඩුකර ඇති අතර පෙත්සම්කරුවන් එම මුදල ගෙවා තිබේ.

එවැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණ දඩ මුදලෙන් 80% ක මුදලක් වැටලීම් කරන නිලධාරීන්ගේ ත්‍යාග මුදල් සදහා  එකතු වන බවද සදහන් වේ.

කෙසේ වුවද සුරාබදු  පනතේ 56 වැනි වගන්තිය යටතේ අය කළ හැකි දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් බවද, එය ඉක්මවා දඩ මුදල් අය කිරීම වැරදි සහගත බවද නඩු තීන්දුවෙහි දැක්වේ. එබැවින් වැඩිපුර මුදල් ආපසු ගෙවිය යුතු බව තීරණය කර ඇත.



අදහස් (0)

වැඩිපුර අයකර ගත් ලක්ෂ 36 ක් ගෙවන්නැයි සුරාබදු නිලධාරීන්ට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site