IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වඩත්තේ සෝමානන්දහිමියෝ ආණමඩුවේ ලේඛකාධිකාරී තනතුරට

(ලලිත් නවරත්න) 


ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර සඳහා එම තනතුර කලින් හෙබවූ වඩත්ත පිරිවන් කෘත්‍යාධිකාරී  වඩත්තේ සෝමානන්ද හිමිපාණන් වහන්සේම නැවතත් පත්වූහ. මෙම තනතුර සඳහා තෝරා ගැනීම ආණමඩුව ප්‍රාදේශීය ලේකම්  කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. 

මෙම තෝරාපත් ගැනීම වෙනුවෙන් ඉකුත් පෙබරවාරි මස 23 දින එම ස්ථානයට රැස්වූ අතර එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ දෙපාර්ශවයක් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ලේඛකාධිකාරී තනතුරට ස්වාමීන් වහන්සේ නමක් පත්කර ගැනීමට නොහැකිවිය.

පසුව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් දීපිකා චාන්දනී මහත්මියගේ මැදිහත් වීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් සුනන්ද දේශප්‍රිය මහතාගේ මෙහෙය වීමෙන් මෙම ලේඛකාධිකාරී ධූරය වෙනුවෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මේ සඳහා ඉදිරිපත් වී ඇති ස්වාමීන් වහන්සේ දෙනම වෙනුවෙන් රහස් ඡන්දයක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශාසනාරක්ෂක බලමණ්ඩල සාමාජික භික්ෂූන් වහන්සේ 28 නමක් වැඩම කළහ.

මෙම ධූරය සඳහා ඉදිරිපත්වූ  ආණමඩුව ආනන්දාරාමාධිපති කුඩාවැවේ විජිතනන්ද හිමිපාණන් වහන්සේ ඡන්ද 11ක් ලබාගත් අතර  වඩත්ත පිරිවෙන් කෘත්‍යාධිකාරී වඩත්තේ සෝමානන්ද හිමිපාණන් වහන්සේ ඡන්ද 17ක් ලබා ගනිමින් මෙම වර්ෂය සඳහා ශාසනාරක්ෂක බල මණ්ඩල ලේඛකාධිකාරී තනතුරට තේරී පත්වූහ.



අදහස් (2)

වඩත්තේ සෝමානන්දහිමියෝ ආණමඩුවේ ලේඛකාධිකාරී තනතුරට

kamal Thursday, 11 March 2021 07:15 AM

බුදු හාමුදුරුවොත් මේ විදිහට තනතුරු, පදවි ප්‍රදානය කරලා තියෙනවා අතීතයේදී. මේ බුද්ධ පුත්‍රයෝ බුද්ධ වචනය එලෙසම පිළිපදිනවා ඉතාම පැහැදිලියි.

:       0       1

පිටිගල මිලානෝ Thursday, 11 March 2021 11:06 AM

තනතුරු.. තනතුරු.. තනතුරු.. සියල්ල අතහැරිය යුත්තේ මේ අපි..!!! 

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site