IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විජයබා කොල්ලය 3D තාක්ෂණයෙන්

සාහිත්‍යකීර්ති ඩබ්ලියු. ඒ. සිල්වාගේ ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් සම්මානනීය ගේය පද රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘විජයබා කොල්ලය’ 3ෘ තාක්ෂණයෙන් යුතුව ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා රැසකදී තිරගත කෙරේ.

ත්‍රිමාන 3ෘ තාක්ෂණික උපදෙස් මත රූගත කළ පළමු සිංහල චිත්‍රපටය ලෙස සැකලෙන මෙම චිත්‍රපටයට 360 ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් බුද්ධික විජයරත්න හා සමින්ද වතවනවිතානගේ ප්‍රමුඛ කාර්මික ශිල්පීන් ත්‍රිමාන තාක්ෂණික උපදෙස් ලබාදී තිබේ.

ආචාර්ය තිස්ස අබේසේකර තිරනාටකය ලියූ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයට රංගනයෙන් හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අෂාන් ඩයස්, ඩුලක්ෂි රණතුංග, ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අර්ඞ්ලි වෙදමුනි, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලිමෝරියා ඇතුළු නළු නිළියෝ රැසක් දායකවී සිටිති.

කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, නිෂ්පාදන සැලසුම් කරණය හා කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණයෙන් බූඩී කීර්තිසේන, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චි, සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය, වේශ නිරූපණයෙන් හර්ෂ මංජුල, කේශාලංකරණයෙන් හරුන් ෂයිඩීන්, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, දෙවැනි සහාය අධ්‍යක්ෂණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ඒ.ඩී. රන්ජිත් කුමාර, සම නිෂ්පාදනයෙන් කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්ද්‍ර හපුතන්ත්‍රී හා චාන්දි හපුතන්ත්‍රී දායකවී ඇති ‘විජයබා කොල්ලය’ චිත්‍රපටය ‘සරසවි සිනෙරූ’ වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.

- යහම්පත්

 



අදහස් (0)

විජයබා කොල්ලය 3D තාක්ෂණයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site