
(දිල්රුක්ෂි ග්‍රේරු)
වංචාව, දුෂණය, නාස්තිය වෙනුවෙන් කටයුතු කරන ඕනැම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඩුවම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
එබැවින් සියලු අමාත්‍යංශ, රාජ්‍ය ආයතන තුළ නාස්තිය හා දුෂණය සම්පුර්ණයෙන් නතර කිරිමට පියවර ගත යුතු යැයිද කීවේය.
එමෙන්ම නීති පොතට මුවා වී තම වගකීමි ඉටු කිරිම පැහැර හැරිමට කටයුතු නොකර ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකර දෙන්නැයි සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා පැවසීය.
රටක ප්‍රගමනය සඳහා කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදත් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතිය අමතමින් කළ අද (18) විශේෂ ප්‍රකාශයේදීය.
තමා විටින් විට රාජ්‍ය, දෙපාර්තමේන්තු ආයතනවලට යන්නේ රාජකාරි නිසි අයුරින් සිදු කෙරෙනවාද යන්න පිළිබඳව සෙවිමට බවත්, එය දිගටම සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අමාත්‍යරාවරු, රාජ්‍ය අමාත්‍යවරු, රජයේ ඉහළ නිලධාරින්ද නිරන්තරයෙන් තම තමන්ගෙ ආතනවල වැඩ කටයුතු සිදුවන ආකාරය අධික්ෂණය කළ යතු බවත්, රාජ්‍ය පාලනය තුළ නාස්තිය හා දුෂණය පිටුදැකිය යුතු බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ ප්‍රකාශන අසනවිට බඹරයක් වගේ කැරකිලා බිම වැටෙනවා. තවමත් මේ රටේ තිබෙන්නේ එක රටක් සහ එක නීතියක්ද?
ඔය වගේ කතා අනන්තවත් අහපු ජනතාවට මේකත් සිල්ලර කතාවක් වන බව හොඳින් පැහැදිලි වනවා ඇත. මහපුටුවට ඇවිල්ලා වසරක් පිරීම සඳහා ඔය දාපු ‘‘පොර ටෝක්‘‘ එක අතරෙම රටට හානිවන, පරිසරයට තුට්ටුවකටවත් අනුකම්පාවක් නොමැතිව, රක්ෂිත වනාන්තර මැදින් විශාල පාරවල් කපපු අයට දුන් දඬුවම් ගැන‘‘සර්ට‘‘ ටිකක් අමතක වෙලා වගේ..
ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට...එහෙනම් අර අපේ සල්ලි වලින් සොහොන් හදපු නඩුවට බයේ හංගි හැංගි හිටියේ ඇයි? තමුන් කවදාවත් උසාවි ගෙනියන්න බෑ කියලා ව්‍යවස්ථාව වෙනස් කළේ ඇයි? නන්දසේන ඔබ අසමත්...!!!
ඒ කියන්නේ ඔබතුමා ස්වේච්චාවෙන් හිරේට යනවද? කදිමයි..අන්න එහෙමයි නායකයෝ ආදර්ශමත් වෙන්නේ. රෙස්පෙක්ට් සර්
දැන් දඬුවම් දෙන්න යන්නේ අලුතෙන් කරන වංචා දුෂණවලට විතරයි මගෙ හිතේ. එහෙම නැතිනම් තමන් තමන්ටම දඬුවම් කර ගන්න සිදුවේවි. මෑත අතීතයේ රජ පවුලේ වැඩකිඩවලට. ඩයනා වගේ අය ආණ්ඩුවට පැනිම වැනි සිද්ධි පිටුපස සිදුවන මුදල් ගනු දෙනු සම්බන්ධව තම සහෝදරයකු අවංකවම දුෂණ විරහිතවම කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසක්. මරණ දඬුවමට නියම වූ කුඩු බිස්නස් රජෙකු වූ මිනීමරු, අහිංසකයකු එළියට ගැනීමට තම රාජකාරි දිවිය පුරාවටම නිතිය හරියටම ක්‍රියාත්මක කළ දැනට විශ්‍රාමික විනිසුරු වරියකගේ කට හඬට යන්තමින් සමාන හඬ පටි නිර්මාණයට පිටුපස සිට පිඹුරු පත් සකස් කර වංචා දුෂණවලට නව අර්ථ කථනයක් එකතු කරමින් සිටින රජ පවුල අනාගන්නා දිනය දුර නැත. කළින් එළියට දැමු හඬ පටිය සත්‍ය බවක් පෙන්වන අතර එහි හඬ උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති දෙවන හඬ පටිය තමන් විසින් ම පත්කළ කොමිසමක් විසින් පිළිගැනීමෙන්ම තම තමන් ගේ වැඩ කිඩවල තරම මොනවට පැහැදිලිවේ. අසාර්ථ වන සියල්ල පමණක් අහිංසකයාගේ පියාගේ නමට බැරවනු ඇත. අපේ රටට දෙවියන්ගේම පිහිටයි නොකියමි.
කටින් විතරයි...
ඔහෙගේ කතා විතරයි... කෝ සංග්‍රහ නවත්වන්න කිව්වා. කතානායක තුමන්ගේ කාර්ය මණ්ඩලයට තමන් පත්කර ගත්තා කියලා ප්‍රසිද්ධියේ කියනවා. ගැසට් ගහනවා බදු අඩුවෙනවා කියලා... බඩුවල මිල වෙළෙන්දෝ අඩුකළේ නැහැ. කෝ ඒවාට ගත්ත ක්‍රියාමාර්ග...? ඔබලා ඇත්ත වසන් කරනවා. පත්තර, ටීවී වලට වරදාන දීලා ඒ අය මුලු දවසේම බොරු සමාජෙට දෙනවා. ඔන්න ඔබ මුලු අවුරුද්දටම කළ දේවල්... ඔබ පාස්පෝර්ට් කන්තෝරුවට... RMV එකට පන්නා වැඩ හරියට වෙනවද කියලා බලන්න. මිනිස්සු හිතුවා ඒ තැන්වල වඩා කාර්යක්ෂම වෙයි කියලා. මොනවද වුණේ ඒ තැන්වල තාමත් පුරුදු විදිහට වැඩ... වැඩකරගන්න ගිය මිනිස්සුයි මේවා කියන්නේ. අපි ඔබතුමාත් එක්ක පුද්ගලික තරහක් නැහැ. නමුත් ඇත්ත තිත්ත වුණා කියන්න ඕනේ...
වංචා, දූශණය කරන විරුද්ධ පාක්ෂිකයින්ට විතරයි නේද..? අර කුරුණෑගල රාජසභා මණ්ඩපේ කඩපු කෙනාට එව්වා අදාල නෑ. පොරගේ නඩු ගාස්තුත් නගර සභාවෙන්නේ ගෙව්වේ...
එක්කෝ අපට පිස්සු... එහෙම නැතිනම් අනික් උන්නැහේලාට පිස්සු... !!!
ඔය වංචා, දූෂණ, නාස්ති කරන්නේ ඔබගේ විරුද්ධවාදීන් නේද? ඔව්, ඔව් ඉස්සර හිටියා ඉඩි අමීන් කියලා හාදයෙක්.... එයත් ඔබතුමා වගේමයි.
හැබෑද? එහෙනම් ඉස්සෙල්ලාම කොරෝනා තියෙන වෙලාවේම වැඩ නවත්තලා කරලා පෙන්නන්නකෝ...
අනේ ජනාධිපතිතුමනි, ඔය ගමන්ම රට පරදේශක්කාරයින්ට විකුණන අයටත් දඬුවම් කරන්න ඔබේ නම ඉතිහාස ගතවෙයි.
ඔව්, ඔව් මේ ගතවුණු අවුරුද්දක් තුළ මහබැංකු හොරුන් සේරම අද හිරේ ... ඉතා සතුටුයි.
කතාව විතරයි. කවද්ද වැඩ කරන්නේ?
නැතුව නැතුව, මොනතරම් නීතිගරුකද.?
මේ තියෙන්නෙ තරාතිරම නොබලා දීපු දන්ඩුවම් සර් : "සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදොස් කොට නිදහස්"
කටින් පමණයි ඔක්කොම.
සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදොස් කොට නිදහස් ප්‍රශ්න තියෙනවද ප්‍රෂ්න ?
අති විශිෂ්ඨයි සර්...
ශ්‍රී ලංකාවේ කිසිදු පක්ෂයක් සමඟ මෙය කිසි විටෙකත් සිදු නොවනු ඇත.
ඔය කියන්නෙ බඩගින්නට අඹ ගෙඩියක් කඩපු අය ගැන වෙන්න ඇති. ලලිත් සහ අනූශ, ජොන්ස්ටන් දැනටමත් නිදහස්. ඊලඟට නාමල්, යෝශිත, මහිදානන්ද, කෙහෙලිය, විමලේ, සහ අනෙක් අය ගැන වෙන්න බැහැ.