IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘විග්නේෂ්වරන් උතුරු මහඇමැති ලෙස නම් කිරීමෙන් තාමත් විඳවනවා’

 

රොමේෂ් මධුෂංඛ

 

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් යෙදවීම මේ වන විට තමන් ඇතුළු පක්ෂය අවුරුදු 5 ක් පුරා විඳවන බවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය.

මන්ත්‍රවරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රීක්කයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී මාවේයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘විග්නේෂ්වරන් මහත්තයා අපි දෙමළ ජාතික සන්ධානයෙන් දේශපාලනයට ගෙනල්ලා විශාල පවක් කරගත්තෙ ඒකේ වැඩි කොටසක් මම තමයි කරල තියෙන්නේ දැන් අවුරුදු 5 ක් තිස්සේ අපි ඒක විඳවමින් ඉන්නවා දැනුත් එහෙම තමයි. මේ ඊයේ පෙරේදත් විග්නේශ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයට චෝදනාවක් කලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව විග්නේශ්වරන් මහත්තයයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් මහත්තයයි ප්‍රතික්ෂේප කරන්න කිව්වා අපේ සන්ධානයෙන් මෙම ගැටලුව විසඳනවාට විග්නේෂ්වරන් විරුද්ධයි ඒකයි ඔහු මෙහෙම ප්‍රකාශ කරන්නේ ඔහු හිටපු විනිසුරු වරයෙක් කියනවා නමුත් ඔහුට විරුද්ධවත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් තියනවා කොහොම හරි විග්නේෂ්වරන් සම්බන්ධයෙන් සහ අපේ දේශපාලන ඉදිරි ක්‍රියා පිළිවෙත සමබන්ධයෙන් තීරණය අපි නුදුරේම ප්‍රකාශ කරනවා එතකන් අපේ ජනතාව ඉවසන්න කියලයි මම කියන්නේ යනුවෙනි.

           

 



අදහස් (5)

‘විග්නේෂ්වරන් උතුරු මහඇමැති ලෙස නම් කිරීමෙන් තාමත් විඳවනවා’

Bandula. Monday, 22 October 2018 05:47 AM

ඔය දේශපාලුවෝ කරන්නෙම බඩ වඩාගන්න එකනේ, ප්‍රමාදවෙලා හරි තේරුම්ගත්ත එකනම් ගොඩක් වටිනවා.

:       0       62

Hafeel Monday, 22 October 2018 07:28 AM

දැන්ද තේරුනේ? කොහොම හරි විග්නේශ්වරන්ව ඉදිරිපත් කලේ ඉන්දියාවේ වුවමනාවට. දැන් හරි තේරුම් ගන්න ඉන්දියාවට කිසිම වුවමනාවක් නැහැ අපේ රට වැසියන් ගැන. ඔවුන් හැමවිටම අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහනවා. මේවා ඔබලා ඇතුළු අපේ දේශපාලකයන්ට තේරෙන්නේ නැහැ. පැහැදිලිවම අද උතුරටත්, දකුණටත් එක හා සමාන ප්‍රශ්නයි තියන්නේ. විරැකියා, ජීවන වියදම්, දූෂණ, වංචා. ඒ හැර උතුරු, නැගෙනහිර ඉඩම් නිදහස් කළයුතුයි. ඒ නිසා මන්ත්‍රීතුමා, රටේ පොදුවෙන් බලපාන ප්‍රශ්නවලට මැදිහත් වෙන්න. අද විපක්ෂ නායක ධුරයත් ඔබලා ළඟ තියන්නේ. රටේ තියන පොදු ප්‍රශ්න අමතක කරලා කටයුතු කරන එක අනාගත පරපුරට කරන සාපයක්...

:       0       2

BamunuarachchiMonday, 22 October 2018 10:17 AM

නැවත ඉන්දියාවට යනවා නම් ප්‍රශ්නය ඉවරයිනේ.

:       0       1

sanjeewa Monday, 22 October 2018 08:00 AM

ඕක මොකද්ද. ලක්ෂ 62 පුදුම පවක්නේ කරලා තියෙන්නේ , එක ඔයිට වඩා සිය ගුණයක් වැඩියි.

:       3       7

isurandi Monday, 22 October 2018 08:53 AM

දේශපාලකයෝම තමයි මේ රට වනසන්නෙත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 57 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site