IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ලේ මූලික විරෝධතා ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
 
අභියාචනාධිකරණ තීන්දුවක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව අද (13) අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.
 
 සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව පිළිබද නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් කුමුදුනී වික‍්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.
 
 ඒ අනුව විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනා ඉදිරියට විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එය විභාගයට ගන්නා දිනය ලබන සිකුරාදා ප‍්‍රකාශයට පත් කරන බව විවෘත අධිකරණය හමුවේ දන්වා සිටියේය.
 
 උතුරු පළාත් මහ ඇමතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
 
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත  අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව  ඉකුත් වසරේ ජුනි මස 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
එම නියෝගය පරිදි තමන්ව අමාත්‍යධූරයෙන් පිහිටවීම ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත්,   ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
 
 එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ පී.සිවනෙෂන් යන අයට  අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා ඉකුත් අගෝස්තු 08 වැනිදා නොතීසි නිකුත් කළ අතර ඒ අනුව ප‍්‍රධාන අමාත්‍විග්නේෂ්වරන් මහතා සහ ඇතුළු අමාත්‍යවරුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.
 
 
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන් මහතා  අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය.
 
ඒ අනුව එම මූලික විරෝධතාවය පිළිගන්නේද නැත්ද යන්න පිළිබඳ නියෝගය පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තැබිණි.
 
 
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් සඳහන් කර සිටින්නේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
 
 
නමුත්් එම නියෝග ක‍්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද  හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණයට පෙන්වා දේ.
 
 
උතුරු පළාත් මහ ඇමති වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.
 



අදහස් (2)

විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ලේ මූලික විරෝධතා ඉවතට

sirimal Wednesday, 13 February 2019 11:46 AM

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වෙලත් නීතිය හරියට දන්නේ නැතුවද මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙන්නේ?

:       0       18

chandima Wednesday, 13 February 2019 06:04 PM

අපරාදේ මේ නඩුකර හාමුදුරුවෝ දේශපාලනේ කරන්න ඇවිත් නිකන් තමන්ගේ තත්වේ නැති කරගන්නේ. දේශපාලනේ කියන්නේ කසිප්පු මුදලාලිලාට, කුඩු මුදලාලිලාට, හොරුන්ට, තක්කඩියන්ට, බොරුකරයින්ට තියෙන රස්සාවක්... කොටින්ම පණපිටින් ඇපයේ යන්න වුණත් බැරිකමක් නැති රැකියාවක්... දැන් බලන්න කීර්තිමත් හමුදා නායකයින්ට, දක්ෂ කලා ශිල්පීන්ට වුණු දේ? නම්බු පිටින් විශ්‍රාමිකව ඉන්න තවමත් ප්‍රමාද වැඩි නැහැ. මේ කියන්නේ දැනටම හත් පොලේ ගාගත්ත කට්ටිය ගැන නොවෙයි. ඔබතුමා ගැන... අර රූකාන්තලා වගේ කෙලින්ම ගාණක් පොරොන්දුවෙලා ඕක පටන්ගත්තා නම් කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site