( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
අභියාචනාධිකරණ තීන්දුවක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව අද (13) අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.
සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව පිළිබද නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් කුමුදුනී වික‍්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනා ඉදිරියට විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එය විභාගයට ගන්නා දිනය ලබන සිකුරාදා ප‍්‍රකාශයට පත් කරන බව විවෘත අධිකරණය හමුවේ දන්වා සිටියේය.
උතුරු පළාත් මහ ඇමතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව ඉකුත් වසරේ ජුනි මස 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය පරිදි තමන්ව අමාත්‍යධූරයෙන් පිහිටවීම ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ පී.සිවනෙෂන් යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා ඉකුත් අගෝස්තු 08 වැනිදා නොතීසි නිකුත් කළ අතර ඒ අනුව ප‍්‍රධාන අමාත්‍විග්නේෂ්වරන් මහතා සහ ඇතුළු අමාත්‍යවරුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන් මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය.
ඒ අනුව එම මූලික විරෝධතාවය පිළිගන්නේද නැත්ද යන්න පිළිබඳ නියෝගය පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තැබිණි.
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් සඳහන් කර සිටින්නේ තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
නමුත්් එම නියෝග ක‍්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණයට පෙන්වා දේ.
උතුරු පළාත් මහ ඇමති වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ලේ මූලික විරෝධතා ඉවතට
sirimal Wednesday, 13 February 2019 11:46 AM
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වෙලත් නීතිය හරියට දන්නේ නැතුවද මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙන්නේ?
chandima Wednesday, 13 February 2019 06:04 PM
අපරාදේ මේ නඩුකර හාමුදුරුවෝ දේශපාලනේ කරන්න ඇවිත් නිකන් තමන්ගේ තත්වේ නැති කරගන්නේ. දේශපාලනේ කියන්නේ කසිප්පු මුදලාලිලාට, කුඩු මුදලාලිලාට, හොරුන්ට, තක්කඩියන්ට, බොරුකරයින්ට තියෙන රස්සාවක්... කොටින්ම පණපිටින් ඇපයේ යන්න වුණත් බැරිකමක් නැති රැකියාවක්... දැන් බලන්න කීර්තිමත් හමුදා නායකයින්ට, දක්ෂ කලා ශිල්පීන්ට වුණු දේ? නම්බු පිටින් විශ්‍රාමිකව ඉන්න තවමත් ප්‍රමාද වැඩි නැහැ. මේ කියන්නේ දැනටම හත් පොලේ ගාගත්ත කට්ටිය ගැන නොවෙයි. ඔබතුමා ගැන... අර රූකාන්තලා වගේ කෙලින්ම ගාණක් පොරොන්දුවෙලා ඕක පටන්ගත්තා නම් කමක් නැහැ.