IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


විග්නේෂ්වරන්ගේ නඩු තීන්දුව කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද ( 10) නිවේදනය කරන ලදී.


කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.


එහෙත් කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය අද(10) නඩු විභාග කටයුතු සඳහා සහභාගී නොවීම හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 31 වනදා දක්වා කල් තබන බව විනිසුරු ජනක් ද සිල්වා නිවේදනය කළේය.


උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.


එම පැමිණිල්ල තුළින් ඩෙනීෂ්වරන් මහතා කියා සිටින්නේ උතුරු පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තමන් පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා විසින් ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.


එම තහනම් නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් තමන් විසින් පෙත්සමක් ඉදිරිපත් කළ බවද ඩෙනිෂ්වරන් මහතා පවසයි.


එම අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම නීති විරෝධී යැයි සඳහන් කරමින් විග්නේෂ්වරන් මහතාගේ පාර්ශවයේ නීතිඥවරු මූලික විරෝධතා මතු  කළහ.


එම මූලික විරෝධතා පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශ කරන බවයි අභියාචනාධිකරණය අද නිවේදනය කළේය.

 


 



අදහස් (3)

විග්නේෂ්වරන්ගේ නඩු තීන්දුව කල්යයි

සෙනෙවි Monday, 10 December 2018 09:36 AM

අධිකරණයට කාර්යක්ෂම බුද්ධිමත් විනිසුරුවන් පත් කරන්නේ නම් ඉක්මනින්ම නඩු ගසා තීරණ ගත හැකියි

:       3       23

sugath Monday, 10 December 2018 11:18 PM

විජයකලාගේ නඩුවටත් ඕකමනේ වුනේ.

:       0       0

Bandula. Tuesday, 11 December 2018 05:35 AM

හැමතැනකම මුළු රටේම "බාලගිරිය අද නොවේ හෙට."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 912 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site