IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


වික්‍රම වීරසූරිය සමුගනී

(නිමල කොඩිතුවක්කු)
 
රාජ්‍ය තාන්ත‍්‍රිකයකු, සිවිල් නිලධාරියෙකු  සහ නීතීඥයකු වන ආචාර්ය වික‍්‍රම වීරසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ  වීරසූරිය මහතා  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ හිටපු  මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.

ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් 1972 වසරේ දී ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇති වික‍්‍රම වීරසූරිය මහතා මෙරට සහ විදේශීය විශ්ව විද්‍යාල රැසක ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය.

ජේ. ආර් ජයවර්ධන රජයේ සැලසුම් ක‍්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද  කටයුතු කළ ඒ මහතා මෙරට  පළමු රක්ෂණ ඔම්බුට්ස්මන්වරයා ද වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ උපදේශකවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය.

දේහය අංක 10, ක්ලෙසන් පෙදෙස කොළඹ 05 ලිපිනයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
 



අදහස් (2)

වික්‍රම වීරසූරිය සමුගනී

Bamunuarachchi Wednesday, 05 December 2018 03:45 PM

වැදගත් රාජ්‍ය නිලධාරියෙකුට මගේ ශෝකය!

:       21       0

Prasanna Rathnasiri Thursday, 06 December 2018 12:57 AM

නොයෙකුත් විෂයන් උගත් ගුරුවරුන් අතරින් ඔබත් විශේෂ ගුරුතුමෙකි...... ව්‍යාපාර නීතියට අමතරව ප්‍රගුණ කල භාෂාව පසු කාලීන වෘත්තීන්ට මහගු උපකාරයක් විය...... ඊට මගේ තුතිය..... වියෝව කණගාටුව දනවයි එහෙත් ජීවිතය යනු මෙයි සසර අග ඔබට නිවන් සුව පතමි!!!!!!!!!!!!!!!

:       23       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site