(කාංචන කුමාර ආරියදාස)
කොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ලූනූ කිලෝ 25,000ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ වී මෝලක දමා හොඳ ලූනු වලට කලවම් කිරීමේ වැඩපිළිවෙලක් දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා ඇතුළු මහජන සෞඛ්‍යය පරීක්ෂක කණ්ඩායමක් සොයා ගත්තේය.
කොරෝනා වසංගත සමයේ 11 දින රට විවෘත කරද්දි මේ ලුනූ තොගය නැවත වෙළදපලට යැවීමට සැලසුම් කර තිබු බව මහජන සෞඛ්‍යය පරීක්ෂක කණ්ඩායම පවසති .
කාන්තාවන් 50 ක් පමණ යොදාගෙන මෙම ස්ථානයේ නරක් වූ ලූනු සුද්ද කර හොඳ ලූනු වලට කලවම් කොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යවා අලෙවි කරන බවට දඹුල්ල මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ පිහිටි අතහැර දමා තිබු මෙම වී මෝල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම පරීක්ෂාවට ලක් කිරීමේ දී දැඩි දුර්ගන්ධ සහිත මෙම ලූණු තොගය සොයාගෙන තිබේ.
ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් ගෙනා ලූනූ තොග මෙහි තිබී ඇත. ඉන්දියාවෙන් ගෙන්වූ ලූණු තොගය නරක් වූ ඒවා බවත් අනිත් රටවල් වලින් ගෙන්වූ ලුණු සමඟ කලවම්කර නැවත ඇසුරුම් කිරීම මෙහි සිදුකෙරෙන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මෙම ලොකුළුණු ගෙන්වූයේ කවුරුන්ද කවදාද මෙරටට ගෙන්වීමේදී අවශ්‍ය ලියකියවිලි තිබේදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ව්‍යාපාරිකයාගෙන් විමසීමේදී කිසිවක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ දිගින් දිගටම මෙම ජාවාරමක් ලෙස ලූනු සහ අර්තාපල් අල නරක් වූ ඒවා හොද ඒවා ලෙස කලවම් කොට අලෙවි කිරීම සිදු කෙරෙන නිසා දිරියේදී මීට වඩා දැඩි නීතිරීති පැනවීමට අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.
වහාම මෙම ආහාරයට නුසුදුසු ලොකු ලූණු සියල්ල භූමිතෙල් දමා වළ දැමීමට එකගතාවය පළ කෙරිණි.
ඒ අනුව අද 09 දින පෙරවරුවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මේවා විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.


COMMENTS
පරිභෝජනයට නුසුදුසු ආහාර වරායෙන් විනාශ නොකර පිටවන්නේ කෙසේද?
වරායෙන් ඉවත්කළ ලොකු ළුෑණු විනාශ නොකර දඹුල්ලට ගියේ කොහොමද? වැරදිකරුවන් සොයා දඞුවම් කළ යුතුයි.
ඔය ලූනු නිකන් විසි කරන්න එපා. හිටවන්න බීජ විදියට පාවිච්චි කරන්න. අඩු ගානේ කොල හරි ගන්න පුළුවන් නේ.
මුදලාලියාට සහ උගේ පවුලේ උන්ට මේ කුණු ලුණු තොගයම කැවීම සුදුසුය. ඕකා මනුස්සකම බාල්දු කරන තිරිසනෙකු ලෙස නම් කර ඒ වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වමු.
රොකීගේ අදහස් නරකම නැහැ. අර මර්ලින් ඉංග්‍රීසි මාළා නාටකයේ මෙන් සිටවා සිරස්ව තබා හිස සහ අත් දඬුකඳේ ගසා මේ කුණු ලූනු වලින් පහර දිය යුතුය.
මෙවැනි ඉවත දැමිය යුතු දේ ආහාර ද්‍රව්‍ය සඳහා මිශ්‍ර කලේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටුපසින් තිබූ ගබඩා තුළයි. එහිදීද මේ ආකාරයෙන් කිහිපවරක් වටලා නීතිය ක්‍රියාත්මක කල බැවින් එම ස්ථානය අතහැර මෙම ගම්මානය තෝරාගෙන ඇත. මෙම ගම්මානයට දිනකට මෙවැනි බහාලුම් 20, 30 ප්‍රමාණයක් පැමිනේ... මෙම බහාලුම් තුළ ඇති අල, ලොකු ලූනු, සුදු ළූණු වැනි දේ නරක් වී ඇති විට මුළු ප්‍රදේශයම දුඟද හමයි. එහි සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයද අනතුරේ ඇත. තවද වෑවල, දඹුල්ල මාර්ගය මෙවැනි විශාල බරක් සහිත වාහන සඳහා කිසිසේත් නොගැලපේ. මාර්ගයද විනාශ වීමට මෙම කරුණු හේතුවී තිබේ. නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුන්ට මෙම අදහස කියවන්න ලැබේවා....!!!