
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (24) නව කොරෝනා වයිරස ආසාදිතයන් 300ක් සහ වයිරස ආසාදිත මරණ 6ක් වාර්තා විය.
වයිරසය ආසාදනය වී මරණයට පත් වූ සියලු දෙනා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල සිටින අය වූ අතර ඔවුන්ගෙන් තිදෙනෙක් 90 වැනි විය ඉක්මවූ අය වූහ. අනෙක් තිදෙනා 80 වැනි වියේ පසුවූහ.
නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය දින හතක කාලයේදී 22 දෙනකු මරණයට පත්ව ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී ආසාදිතයන් 484 දෙනකු සහ මරණ පහක් වාර්තා විය. එම මරණවලින් තුනක් සිදුව ඇත්තේ ද වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයවලදී ය.
පසුගිය සිකුරාදා, එනම් ජූලි 17 වැනිදා ගත වූ කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 2,240 කි. ඉන් 206 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඉන් 41 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් බලධාරිහු කීහ.
වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම නගරය වන මෙල්බර්න් නගරයෙන් දිගින් දිගටම ආසාදිතයන් වාර්තා වීම නිසා අර්ධ වශයෙන් 'ලොක්ඩවුන්' සීමා පැනවීමට බලධාරිහු පියවර ගත්හ. මුඛ ආවරණ පැළැඳීම ද අනිවාර්ය කර ඇති අතර එසේ කිරීමව අපොහොසත් වන අය ඔස්ට්‍රේලියානු ඩොලර් 200 (ඇමෙරිකානු ඩොලර් 143ක්) ක දඩයක යටත් වේ.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 300 ක්